January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තෝරාගැනීම කුමක්ද?

1 min read

‘වමනය’ ට සහ ‘ක්ලාන්තය’ ට යොදාගනු ලබන ඉන්දීය ඖෂධ භාවිතාව හේතු කොටගෙන මරා දැමීමට ලක් වූ මේ දියණිය දැන් ”සමාදානයේ” සැතපෙන්නී ය. ඇය ඉගෙන ගත්තේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහ විදුහලෙන් ය. වර්තමාන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අධ්‍යාපනය ලැබූවේ ද එම පාසැලෙන්ම ය.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීවට අනුව, මෙම බාල ඉන්දීය බෙහෙත්වල බැක්ටීරියා විස සහිත ය. ලෝකයේ ඉන්දීය ප්‍රමිතියට අනුකූල ඉන්දීය බෙහෙත් පරිභෝජනය කරනුයේ රටවල් 35කටත් අඩු ප්‍රමාණයක පමණි.

අදාළ ඖෂධ කුප්පි තුළ බැක්ටීරියා විස අඩංගුව පැවති බව මහනුවර ජාතික රෝහලේ ශූද්‍ර ජීව විද්‍යා අංශය මගින් සිදු කරන ලද පරික්ෂණයකින් තහවුරු වී අවසන් ය. මෙබදු හානිකර බාල ඉන්දීය ”ඖෂධ‍” දී අපේ දරුවන් මරා දැමීමට බලය ඇත්තේ කවරකු සතුව ද? මේ මිනී මැරුම් නොවේනම් අන් කවරක් ද? ලංකාවේ ඖෂධ වෙළඳපොළ ඉන්දීය ප්‍රමිතියෙන් යුත් බාල ඖෂධ සඳහා විවෘත කළ අනුර කුමාරගේ ආණ්ඩුවට මේ වගකීමෙන් ගැලවිය හැකිද?

බාල ආණ්ඩු හොයන්නේ බාල බඩු ය. පාරේ ඇති වළක් පිරෙව්වත් බාල ආණ්ඩුවල උන්දැලාට එය දැනෙන්නේ ඉහළ වැඩක් ලෙස ය. දැන් මේ බාලයෝ බිලිගන්නේ සෞඛ්‍ය සේවයේ පිහිට පතන අපේ මිනිසුන්ව ය. ඒ අපරාධයට තවදුරටත් අප ඉඩ දිය යුතු ද? නැත! ”ඉන්දීය ප්‍රමිතිය” හකුලාගන්නා තෙක් සටන් වැදීම හැර අන් මගක් අප හමුවේ ඉතිරිව නැත.

ජනප්‍රිය පුවත්  විරු හදවත නොදකින මරු හදවත!

එක්කෝ අප, ඉන්දීය බාල බෙහෙත් භාවිතා කර මිය යා යුතු ය. නැතිනම්, අප.. ඒ බාල බෙහෙත් වලට මග පෑදූ ඉන්දීය ප්‍රමිතිය පිළිගත් ආණ්ඩුව ලවාම එම ප්‍රමිතිය ප්‍රතික්ෂේප කරවීමට අරගල කළ යුතුය. මේ දේහය ඉදිරිපිට අප දිවුරන්නේ කුමන මග යන්නේදැයි කියා ද? අනුරලාගේ නලින්දලාගේ දෑත් වල තැවරී ඇත්තේ මේ දරුවන්ගේ ලේ ය. තවදුරටත් අපේ දරුවන්ගේ ලේ උරා බීමට අප කිසිවකුට ඉඩ දිය යුතු නැත. එබැවින්, අපි සටන් වැදිය යුතු වෙමු! ඒ හැර අන් මගක් අපට නැත! ඇත්තේම නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x