ජයශංකර්ගෙන් නියෝගයක්! පළාත් සභා පවත්වනු!
1 min read
හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මෙනන් අද (22) ජනාධිපති අනුර කුමාර මුණ ගැසීමට නියමිත ය. එම හමුවේදී වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත්, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන්ගේ ක්‍රියා කලාපය හෙළා දැකීමත් ඔහු විසින් සිදු කිරීමට නියමිත බව පැවසේ.
ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්ධීන්, මනෝ ගනේෂන්, දිගම්බරම්, ජීවන් තොණ්ඩමන්, සුමන්තිරන් ආදී සුළු ජාතික දේශපාලඥයන් ගණනාවක් වෙන වෙනම මුණ ගැසී සාකච්ඡා කර තිබේ. එහිදී ද එම දේශපාලඥයන් හමුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට බලකළ යුතු බවය.
එමෙන්ම, ඉන්දීය ඖෂධ පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ඇති කරමින් තිබෙන ‘‘වැරදි“ මතය පිටු දැකිය යුතු බවද ඔහු එහිදී පෙන්වා දී තිබේ.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් උතුරේ ධීවරයන් අතර ඉන්දීය විරෝධය අවුලුවමින් ඇති බව ද මෙහිලා සාකච්ඡාවට බදුන් වී තිබේ. ඒ පිළිබඳ සාක්ෂි සාධක සහිතව ජනාධිපතිවරයා හමුවේ කරුණු ඉදිරිපත් කරන බවත්, සුදුසු පියවර නොගතහොත් ඉන්දීය රජය ඒ ගැන බරපතළ ලෙස අවධානයට යොමුකරන බවත් මෙහිදී අවධාරණය කර ඇත.
මීට අමතරව, පසුගිය කුණාටුවෙන් විනාශ වූ පාලම් යළි සෑදීම සදහා ඉන්දීය ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් ලංකාවට එවීමට පියවර ගන්නා බව ද මෙහි දී විදේශ අමාත්‍යවරයා විසින් අදාළ පිරිස දැනුම්වත් කර තිබේ.
LankaUndergroundNews වාර්තාකරු ප්‍රියන්ත රඹුක්වැල්ල
