ජනපතිගේ ශානි හමුදාවට එරෙහි වේ!
1 min read
ශ්‍රී ලංකා යුද හමුදාව, නිල වශයෙන් සියළු බලධාරීන් දැනුම්වත් කර, කොළඹ වරාය ආශ්‍රිතව විශේෂ පුහුණුවක පසුගියදා නියැලුණි. එය කිසියම් සතුරු පාර්ශවයක් විසින් කොළඹ වරාය සිය ග්‍රහණයට ගෙන ඇති විටක දී එම සතුරු ග්‍රහණයෙන් වරාය මුදවා ගැනීම පිළිබඳ විශේෂ පුහුණුවකි. වරාය බලධාරීන් මෙන්ම පොලීසියේ ප්‍රධානීන්වත් මේ පිළිබඳව කල් තබා දැනුම්වත් කර තිබේ.
එසේ තිබියදී එම පුහුණුවට අදාළ රාජකාරී සිදු කරමින් සිටි, ”ස්නයිපර්” වර්ගයේ ගිනි අවි දෙකක් සහිතව රාජකාරී කළ හමුදා භටයන් දෙදෙනෙකු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය සිදුකර ඇත්තේ අදාල හමුදා භටයන් රහස් පොලීසිය පිහිටා ඇති ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට, පුහුණුව නිමාකර පහළට පැමිණි අවස්ථාවේදී ය.
හමුදා භටයන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හමුදා ප්‍රධානීන් රහස් පොලීසියේ ප්‍රධානියා වූ ශානි අබේසේකර හා පොලිස්පතිවරයා අමතා තත්වය පැහැදිලි කර ඇතත්, එම කිසිවක් නොසලකා ශානි අබේසේකර නියෝග කර ඇත්තේ අදාළ හමුදා භටයන් දෙදෙනා අධිකරණය හමුවට රැගෙන යන ලෙසයි. ‘‘ජනාධිපතිතුමා මට කිවුවේ උසාවි දාන්න කියලා“ යනුවෙන් ශානි අබේසේකර තම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
පසුව අධිකරණය හමුවට රැගෙන ගිය හමුදා භටයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ද යුදහමුදාවේ නීතිඥයන් කිහිප දෙනෙකි. මහත් පරිශ්‍රමයකින් පසුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර භටයන් දෙදෙනා නිදහස් කර ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.
සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා යටතේ වන යුදහමුදාවම අද නීත්‍යානූකූල පුහුණූවක් හෝ සිදු කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව තිබේ. මේ පිළිබඳව යුද හමුදාව බලවත් කලකිරීමකට ලක්ව සිටිතැයි අපගේ ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
ලතීෆ් මුසම්මිල්
