January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කතරගම අභිනව බස්නායක නිළමේවරයාට එරෙහි බරපතල චෝදනා!

1 min read

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේවාලයක් වන දෙවිනුවර මහ දේවාලයේ බස්නායක නිළමේ තනතුරේ සිටි බැරගම ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා මේ වනවිට පසුගිය 09 වෙනිදා පැවති කතරගම බස්නායක නිළමේ තේරීමේ නිළවරණයෙන් ආණ්ඩු පාර්ශ්වයේ අපේක්ෂකයෙකු ලෙස තේරී පත්විය. මේ පිළිබඳව අප විසින් එම නිළවරණයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන අය සම්බන්ධයෙන් මෙන්ම කුමන් පාර්ශ්වයන් නියෝජනය කරන්නේද යන්න ගැනත් මෙවර මිලියන ගණන් ඒ වෙනුවෙන් වැය කර ඇති බවත් මීට පෙර මාධ්‍ය හරහා හෙළිදරව් කරන ලදී.

කෙසේ වුවද අභිනව කතරගම බස්නායක නිළමේවරයාට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනා මාලාවක් පිළිබඳව දේශපාලකයින්, රාජ්‍ය ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන්, සිවිල් ආයතන ඇතුලු ජනාධීපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ප්‍රමුඛව යවා ඇති විවෘත ලිපියක් ඊට අදාළ සටහන් පාදක කරගෙන මෙම විමර්ශනාත්මක වාර්තාව සකස් කර ඇත.

ඝාතන, සංවිධානාත්මක අපරාධ, කළු සල්ලි සුදු කිරීමේ ජාලයන් සහ දේශපාලන අනුග්‍රහය පිළිබඳව වන මෙම චෝදනා, එම පුද්ගලයා වත්මන් ජාතික ජන බලවේගය (JJB) ආණ්ඩුවට හිතවත් දේශපාලන කණ්ඩායමක කොටස්කරුවෙකු ලෙස එම තනතුරට පත්ව ඇති තත්ත්වයක් යටතේ නෛතික සහ සදාචාරාත්මක ගැටලු මතු කරයි. මෙම චෝදනා පිළිබඳව අදාළ පාර්ශ්වයන් විසින් අල්ලස් කොමිසම ඇතුළු විමර්ශන ආයතන මේ වනවිටත් දැනුවත් කර තිබේ.
ලිඛිතව ඉදිරිපත් කෙරෙන ලේඛනවල අන්තර්ගත තොරතුරු මත පදනම්ව, මෙම චෝදනා සහ ඔහුට මෙම තනතුර දැරිය හැකිද යන්න පිළිබඳව වන විග්‍රහය පහත දැක්වේ.

ඇමුණුම් ලිපිය –

ජනප්‍රිය පුවත්  මහවැලි පහළ නිම්නයේ අධි ගංවතුර අවදානමක්
  1. තිළිණ මධුසංඛ මහතා සම්බන්ධයෙන් වන මූලික චෝදනා
    ලේඛනවලට අනුව, තිළිණ මධුසංඛ මහතා ඩිෂාන් ගුණසේකර ප්‍රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලියක පසුපස සිටින පුද්ගලයෙකු ලෙස දෙවිනුවර අභිනව බස්නායක නිළමේ තනතුරට ඉදිරිපත්ව ඇත. [මෙම කල්ලිය විසින් බස්නායක නිළමේ ධූරය ලබාගැනීමට කටයුතු කරන්නේ “අළුගෝසුවකුගේ” පත් වීම වැළැක්වීම සඳහා බවත් , එය රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමේ මුල් පියවර වශයෙන් පසුව ලබන මැතිවරණයේ පාර්ලිමේන්තුවටත් පැමිණ මොවුන්ට ඇති නඩු කටයුතු යට ගසා ගැනීමේ මූලික පරමාර්ථය කරගෙන බවත් කියැවේ.

ඔහුට එරෙහි ප්‍රධාන චෝදනා:
ඝාතන චෝදනාව:
තිළිණ මධුසංඛ මහතා විසින් ඔහුගේ අවුරුදු 21 ක් වයසැති භාර්යාව වන යසීමා ප්‍රබන්ති ඊෂ්වර 2016.07.27 දින ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වේ.

ඝාතනයේ අරමුණ සහ ක්‍රමය:
මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඔවුන් හට කිසිදු ආකාරයකින් ලබාගත නොහැකි දේපළක් ලබා ගැනීම සඳහා, ඔහුගේ වැඩිමල් සහෝදරයා වන ජනක වන්දනගේ උපදෙස් මත බව කියැවේ. ඝාතනය සඳහා සයනයිඩ් (Cyanide) නම් විෂ ද්‍රව්‍යයක් ඇයගේ දත් බුරුසුවේ ගල්වා තැබීමෙන් සිදු කර ඇති බවත්, සයනයිඩ් ලබාගෙන ඇත්තේ ජනක වන්දන විසින් ISIS සංවිධානය හරහා බවටත් චෝදනා එල්ල වේ.

පෙර පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම:
මෙම මිනීමැරුම් සිද්ධිය එවකට මාවරල පොලිසියේ ස්ථානාධිපතිව සිටි E. W. T. පුෂ්ප කුමාර මහතා විසින් මෙහෙයවා ඇති අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දී සිද්ධිය යටපත් කළ බවට චෝදනා එල්ල වේ.

  1. සංවිධානාත්මක අපරාධ සහ මුදල් විශුද්ධිකරණය
    තිළිණ මධුසංඛ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන බැරගම ආරච්චිගේ ජනක වන්දන ලංකාවේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයේ පුරෝගාමියා ලෙස සඳහන් වන අතර, තිළිණ මධුසංඛ එම කල්ලියට සම්බන්ධ බව කියැවේ.
ජනප්‍රිය පුවත්  කුණාටුව නිසා පළාත් සභා මැතිවරණය තියන්න බැරිලු!

කළු සල්ලි ජාලය: ඔවුන්ගේ සමගි ස්පයිස් නම් ව්‍යාපාරයට ISIS සංවිධානයේ සහ මාකඳුරේ මධුෂ්ගේ මුදල් යොදවා ඇති අතර, එම මුදල් සුදු කර ලංකාව තුලට සපයනු ලබයි.

දේශපාලන අනුග්‍රහය: මෛත්‍රීපාල, ගෝඨාභය, සජිත් ප්‍රේමදාස වැනි දේශපාලනඥයින්ට කෝටි ගණනින් මුදල් වියදම් කර ඇත්තේ ISIS සාමාජිකයින්ගේ සහ මධුෂ්ගේ උපදෙස් මත බවට චෝදනා එල්ල වේ.

අල්ලස් ලබා දීම: ප්‍රදේශයේ සහ රටපුරා සිටින ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාට විවිධ අල්ලස් ලබා දෙමින් මහා සිල්වතුන්ගේ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන දුෂිත ක්‍රියා කරගෙන යන බවට චෝදනා එල්ල වේ. පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ද මෙම කල්ලිය වෙතට අවනත කර ගැනීමට ලක්ෂ්මන් යාපා, මංගල සමරවීර, බුද්ධික පතිරණ, ඩලස් අලහප්පෙරුම යන මැතිවරුන් සෘජුව සහ වක්‍රාකාරව උදව් කර ඇති බව සඳහන්ය.

  1. බස්නායක නිළමේ තනතුර දැරීමේ නෛතික යෝග්‍යතාවය
    චෝදනාවල බරපතලකම: තිළිණ මධුසංඛට එරෙහිව එල්ල වී ඇති ඝාතන, සංවිධානාත්මක අපරාධ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා අතිශය බරපතල අපරාධ වේ.
    රාජ්‍ය විශ්වාසය (Public Trust): බස්නායක නිළමේ ධූරය යනු මහජන විශ්වාසය සහ සදාචාරාත්මකභාවය මත දැරිය යුතු පූජනීය තනතුරකි. යම් පුද්ගලයෙකුට එරෙහිව මෙවැනි මිනීමැරුම් හෝ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වන විට, එම චෝදනාවල සත්‍යතාව විමර්ශනය කර තහවුරු වන තුරු හෝ අධිකරණයකින් නිදොස් වන තුරු එවැනි තනතුරක් දැරීම සදාචාරාත්මකව හෝ නෛතිකව යෝග්‍ය නොවේ.
    විමර්ශන ආයතන දැනුවත් කිරීම:
ජනප්‍රිය පුවත්  හිරු ට එරෙහිව පියවර ගන්න – පොලිසීය| ජනතාවගේ අයිතියට බලපෑම් එපා – හිරු

මෙම කරුණු කාරණා පිළිබඳව අදාළ පාර්ශ්වයන් විසින් අල්ලස් කොමිසම (CIABOC), සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය, මුදල් ඇමතිතුමා, සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් දැනුවත් කර තිබේ. මෙම පුළුල් දැනුවත් කිරීමෙන් පැහැදිලි වන්නේ මෙම චෝදනාවල සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා වන නෛතික ක්‍රියාමාර්ග දැනටමත් ඇරඹී තිබිය යුතු බවයි.

අපගේ කියැවීම

අමුණා ඇති ලේඛන මගින් ඉදිරිපත් කර ඇති බරපතල චෝදනා (විශේෂයෙන් ඝාතන සහ මුදල් විශුද්ධිකරණය) සහ ඒවා යටපත් කිරීමට දරන ලද උත්සාහයන් සලකා බලන විට, තිළිණ මධුසංඛ මහතා බස්නායක නිළමේ වැනි මහජන විශ්වාසය මත පදනම් වූ ගෞරවනීය තනතුරක් දැරීමට ඇති නෛතික සහ සදාචාරාත්මක යෝග්‍යතාවය පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීමක් සිදු කළ යුතුය. මෙම චෝදනාවල සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් කඩිනම් සහ අපක්ෂපාතී විමර්ශන පැවැත්වීම අත්‍යවශ්‍ය වේ.මේ පිළිබඳව අප වෙත ලැබෙන තොරතුරු මෙන්ම මෙම බරපතල චෝදනාවලට එරෙහිව ගෙන එන තොරතුරු ද ඉදිරියේදී අපගේ වෙබ් අඩවියෙහි පළ කෙරෙනු ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x