කටුගම්පල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්!
1 min read
සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීමට ඊයේ (10) පැවැති මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ පොදු විපක්ෂය සමත් වී තිබෙනවා.
ඒ අනුව ඒකාබද්ධ පොදු විපක්ෂය ඡන්ද 113ක් ලබාගනිමින් බහුතර බලය තහවුරු කරගත් අතර, ජාතික ජන බලවේගයට හිමිවූයේ ඡන්ද 06ක් පමණක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සමිතියට අයත් ප්‍රාදේශික 36ක් අතුරින් ප්‍රාදේශික 31ක් සඳහා ඡන්ද විමසීම පවත්වා ඇති අතර, ගණ පූරණය නොමැති වීම හේතුවෙන් ප්‍රාදේශික 05ක ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මහ සභාව සඳහා සභිකයන් 133ක් තෝරා ගැනීමට නියමිතව තිබුණද, කොට්ඨාස කිහිපයක ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් ඊයේ තේරී පත් වූ මුළු සභික සංඛ්‍යාව 119ක් බවත් වාර්තාකරු සඳහන් කළා.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
