November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ඒ ”මිට්ටා” සහ මේ ”මිට්ටා”

1 min read

මේ ඉන්නේ යුක්‍රේනයේ ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ය. ඔහු ඉන්නේ වෙනත් රටක රාජ්‍ය නායකයකු සමග ය. සෙලෙන්ස්කි දේශපාලන වශයෙන් ”උස’ නායකයකු නොවේ. ඒ නිසා ඔහුට වැඩි ඈත පෙනෙන්නේ නැත. දේශපාලන වශයෙන් ”ඈත” පෙනෙනවා නම් ඔහු මෑත සිටින රුසියාවට අනාරක්ෂිත තර්ජනයක් බවට පත්වන සේ හැසිරෙන්නේ ද නැත.

ඔහු ජනාධිපතිවීමට පෙර නළුවෙකි. නිකන්ම නිකන් නළුවකු නොව, කවට නළුවෙකි. දුටුවන් සිනා ගන්වමින් සිටි ඔහු එකවරම යුක්‍රේනයේ ජනාධිපති බවට පත්වන්නේ ය. අමෙරිකා එක්සත් ජනපදයේත්, යුරෝපයේත් රූකඩ පාලකයකු වූ ඔහු, ඔවුන්ගේ කීම අනුව රුසියාව සමග ගැටුමකට අත වැනුවේ ය. දැන් ගැටුම ඇවිලී ඇත. කියෙව් අගනුවරට පවා රුසියානු මිසයිල පතිත වන පුවත් දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ වාර්තා වෙමින් ඇත. දැන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඔහුට වරද පටවා අත සෝදා ගනිමින් සිටී. යුරෝපයට ද ඔහුට උදවු කරනවා තබා තම එදිනෙදා පැවැත්ම ද අභියෝගයක් වන ඉරණමකට ඇද වැටී ඇත. ඒ අනුව ගත්කල දැන් සෙලෙන්ස්කි ඉන්නේ, හද්ද අමාරුවක වැටී ය.

සෙලෙන්ස්කි එච්චර උස නැත. ඒ කියන්නේ සෙලෙන්ස්කි සාපේක්ෂව මිටි ය. මිට්ටා කට්ටයා යැයි කියන්නේ අපේ රටේ මිනිස්සුය. සෙළෙන්ස්කි නම් වූ මිට්ටානම් මොට්ටයා යැයි කීවත් වරදක් නැත. මිට්ටා මොට්ටයා බව පිළිගන්නා සෙලෙන්ස්කි ද දන්න සෙල්ලම් දමන්නේ උස අයකු වෙන්නට ය. උස අයකු වුවහොත් සියළු ජාත්‍යන්තර වස් දොස් නිම වී ”වාසනාව” තමන් කරා පැමිණෙනු ඇතැයි මේ මිට්ටා සිතන බව පැහැදිළිය. ඒ නිසා ඔහු අරුම පුදුම උසකින් යුතු පාවහන් පැළද, නැති උස ඇති කර ගැනීමට වළිකන්නේ ය. සකල ලෝකවාසී මිට්ටන්ට ඇති එකම ආශාව සැබැවින්ම එය විය හැකිය.

ජනප්‍රිය පුවත්  කයිය පහන අර්ජුන සහ උවිඳු

සෙලෙන්ස්කි ජනාධිපතිධුරයට පත් වන්නේ ද ”මයිදාන්” අරගලයෙන් පසුව ය. සැබැවින්ම ඔහු ජනාධිපති වන්නේ ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ය. ”මයිදාන්” අරගලයෙත් ”ගෝල්ෆේස්” අරගලයේත් ලොකු වෙනසක් නැත. ඒ අරගලයෙන් පාර කැපෙන්නේ ද දේශපාලන වශයෙන් මිට්ටෙකුට ය. මෙහේ අරගලයෙන් පාර කැපෙන්නේ දේශපාලන වශයෙන් මිට්ටෙකුට ය. ඒ ”මිට්ටා” දේශපාලන වශයෙන් ඉස්සෙන්න බලන්නේ අඩි උස පාවහන් දමාගෙන ය. මේ ”මිට්ට”ට තවමත් එවැනි විසඳුමක් කිසිවකු පෙන්වා දී නැත.

ඒ මිට්ටා සහ මේ මිට්ටා හැර තවත් මිට්ටන් සිටින්නේ ද? එමපණට මෙබදු සපත්තු උවමනා කර ඇත!

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x