March 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 1097 ක් ජීවිතක්ෂයට | ඒ අතර අවුරුදු 10ට අඩු දරුවන් 181ක්!

1 min read

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතවී තිබේ. . .

එම කාලය තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) සඳහන් කරයි.

ඉන් 181 දෙනෙකු වයස අවුරුදු 10ට අඩු ළමුන් බව අඳාළ ආයතනය සඳහන් කරන අතර සිවිල් වැසියන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන් 100 දෙනෙකු ළමුන් බව HRANA ඒජන්සිය වැඩිදුරටත් දක්වා ඇත.

ඉකුත් පැය 24 තුළ පමණක් අවම ලෙස ප්‍රහාර 104ක් සිදුවී ඇති බව එහි දැක්වේ.

එම ආයතනය සඳහන් කරන්නේ ඔවුන් හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශවලට පහර දී ඇති බවයි.

එමෙන්ම තවත් වාර්තා වූ සිය ගණනක් මරණ පිළිබඳව සමාලෝචනය කරමින් පවතින බවද එම ආයතනය සඳහන් කරයි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x