January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආපදාවේ දේශපාලනය

1 min read

ඡායාරූපයේ සිටින්නේ ජනාධිපති අනුර කුමාර නොවේ. ජ.වි.පෙ. නායක අනුර කුමාර ය. ඔහු මේ සිටින්නේ ජනාධිපතිවරණයට පෙර කැනඩාවේ දී හමු වූ කැනේඩියානු දෙමළ සංගමයේ ඉහළ නායකයන් සමඟ ය. කැනේඩියානු දෙමළ සංගමය යනු කැනඩාවේ පවත්නා කොටි සංවිධානයේ බළල් අතකි. මේ හමුවේ දී ජ.වි.පෙ. නායක අනුර කැනේඩියානු දෙමළ සංගමයට යට පොරොන්දු වූයේ කුමක් දැයි අප දන්නේ නැත. එහෙත්, ඔහුගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට කැනේඩියානු දෙමළ සන්ධානය ද මුදලින් සහ අන් ආකාරයෙන් උදව් කළ බව පැහැදිලි ය.

ඊළඟට අපි ඔබේ අවධානයට ලක්කරනුයේ, මඩකලපුවේ ITAK (Ilankai Tamil Arusu Kachchi) පාර්ලිමේන්තු මන්ත්‍රී පසුගියදා කැනඩාවේ දී සිදුකළ කතාවක සිංහල අදහස ය.

”ඇත්ත වශයෙන්ම අද මේ කැනඩා දෙමළ කොංග්‍රසයේ” දෙමළ තිරුවිලා” උත්සවයට සහභාගී වෙන්න ලැබුණු එකට මම ගොඩක් සතුටු වෙනවා. මට කලින් කතා කරපු ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවා කැනඩාවේ පාරක් වහලා දෙමළ උත්සවයක් තියන්න පුළුවන් තරමටම අද කැනඩාවේ දෙමළ මිනිස්සු දියුණු වෙලා තියෙනවා කියලා.

මේ මුළු ලෝකෙම රටක් නැති එකම එක ජාතියක් ඉන්නවනම් ඒ අපේ දෙමළ ජාතියයි. ඒක අපේ අවාසනාව. හැම රටකම, හැම නගරයකම, හැම වීදියකම අපේ අය ඉන්නවා. ඒත් අපි අද වෙනකන් තාමත් අපිටම කියලා රටක් නැතුව ජීවත් වෙනවා. ලංකාවේ යුද්දෙ නිසා අපේ අය ගොඩක් ලෝකේ විවිධ රටවලට ගිහින් තියෙනවා. අද ලංකා රජය ඒ දෙමළ මිනිස්සුන්ගේ උදව්ව තමා බලාගෙන ඉන්නේ. ඒක මට ආඩම්බරයට කාරණයක්.

ජනප්‍රිය පුවත්  අනුර කුමරුවෝ වැසි දිය මත….

මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වෙලා ආපු මේ ගමන අනිවාර්යෙන්ම ඉවර වෙන්නේ අපිට ලංකාවේ දේශපාලන තීන්දුවක් ලැබිලම යි. ඒ ලැබෙනකන් අපි අරගල කරනවා. අපිට ඒකට අවස්ථාව තියෙනවා. මං එහෙම කියන්නේ අපිව ගහලා පන්නපු ගෝඨාභයට අද එයාටත් ගහලා වෙන රටකට එලවලා තියෙනවා. ඒ නිසා අපිට දේශපාලන විසඳුමක් ලැබෙනකම් අපි අරගල කරනවා.

2009 ට කලින් ලෝකෙ පුරා හිටපු දෙමළ මිනිස්සු කොහොමද ඒ අරගලයට උදව් කලේ? ආන් ඒ වගේ අයෙත් අපි ඔක්කොම එකතුවෙලා අපේ අරගලයට උදව් කරන්න ඕනා. ඒකට ඔයාලගේ උදව් අපට ඕනා.

ලංකාවෙ දැන් ආර්ථික අර්බුදයක තියෙනවා. මට දැනෙනවා අර්බුදයක් තියෙනවා කියන්නේ ඒක අපිට අවස්ථාවක්. අපි මේ අවස්ථාව පාවිච්චි කරලා අපේ දේශපාලන ඉල්ලීම් දිනාගන්න රජය පොළඹවා ගන්න ඕන…”

මෙහි කියවෙන වඩාත් අවධානය යොමු කළ යුතු වාක්‍යය නම්, ”අර්බුදයක් තියෙනවා කියන්නේ ඒක අපිට අවස්ථාවක්. අපි මේ අවස්ථාව පාවිච්චි කරලා අපේ දේශපාලන ඉල්ලීම් දිනාගන්න රජය පොළඹවා ගන්න ඕන…” යන්නයි.

කල්තබා අනතුරු අඟවා තිබියදීත්, ජනාධිපති ඇතුළු ආණ්ඩුව සත පහක වැදගත්කමක් කල් තබා ලබා නොදුන්, අප අද ගොදුරු වී සිටින ආපදාව ද අප ගොදුරු වී ඇති අර්බුදය දරුණුවට උග්‍ර කරවන්න කි. එමඟින් ශානක්‍යායන්ලාට තම අරමුණු මුදුන්පත් කර ගැනීමට ඇති අවස්ථාව ඉහළ යයි. ආණ්ඩුව මේ ආපදාව කැමැත්තෙන් වැළඳගත්තක් ද?

ජනප්‍රිය පුවත්  කළුවරේ ජරමරේ

බලයට පැමිණි මොහොතේම මුදල් නාස්තියක් ලෙස අර්ථ දක්වා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිෂ්ක්‍රීය කළේ කුමක් නිසා ද? 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත ප්‍රකාරව නීතියෙන් බලකර ඇති ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග නොගත්තේ කුමක් නිසා ද? අවම තරමින් සති 2කට පෙර සිට ජාත්‍යන්තරවත්, ජාතිකවත් අනතුරු අඟවා තිබියදී සුළි කුණාටුවට හා මහ වැස්සට මුහුණ දීමේ නිවැරදි පූර්ව ආරක්ෂිත පියවර නොගත්තේ කුමක් නිසා ද? මහා ජලාශ කල්තබා ක්‍රම ක්‍රමයෙන් දරා සිටින ජල ජල කඳ අඩු නොකළේ මක් නිසා ද? නායා යෑමේ අනතුර සහිත ප්‍රදේශවල ජනයා ආරක්ෂිත ස්ථාන කරා රැගෙන නොආවේ කුමක් නිසා ද? ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්වන සමාජය ආරක්ෂා කර ගැනීමට අදාල පූර්ව සංවිධාන මෙහෙයුම ක්‍රියාත්මක නොකළේ කුමක් නිසා ද? සියල්ල සිදුවන අතරතුර රජයේ සේවකයන්ට නිවාඩු දුන්නේ කුමක් නිසා ද? හදිසි නීතිය ප්‍රමාද වී දැම්මේ කුමක් නිසා ද? අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු අන්තිමට පත් කළේ කුමක් නිසා ද? මේ සියල්ලෙන්ම කියැවෙන්නේ ආපදාව ගැන අවබෝධයක් නොතිබූ බව ද? නොමැතිනම්, උවමනාවෙන්ම අපදාවේ විනාශකාරී බලපෑමට නතු වෙන්නට ඉඩ හැර බකන් නිලාගෙන සිටිය බව ද?

කෙසේ වෙතත්, නොනිල වාර්තා වලින් කියවෙන්නේ රුපියල් ට්‍රිලියන 3-4 අතර හානියක් මේ ආපදාවෙන් රටට සිදුවී ඇති බව ය. ආණ්ඩුව ඔක්කෝටම කලින් කලේ රට ඇතුළ අකර්මණ්‍ය කර, එළියෙන් පිහිට පැතීම ය. පිහිට වන ස්වරූපයෙන් වැඩේ කරගන්නා හැටි එළියේ තියෙන බලවත් රටවලට උගන්වන්නට දෙයක් ඉතිරිව නැත.

ජනප්‍රිය පුවත් 

කෙසේ නමුත් ශානක්‍යන් කියන ”අර්බුදය” දැන් තිබුණාටත් වඩා වැඩිය. ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව හා පුරා රැස්වන දිනයේ ජය මංගල ගාථාවක් ගැයීමට එරෙහි වූ නිරාගමික වෙස්ගත් අනුරට ආපදාවෙන් පසු ජාතිය අමතන විට ”බුදු සරණයි, දෙවි පිහිටයි” කියන්නට සිදුවීමෙන්ම වැටී ඇති වලේ තරම තේරුම් ගත හැකිය.

කෙසේ වෙතත්, මෙය ශානක්‍යායන්ලාගේ ද ඔවුන් පිටුපස සිටින විදේශ බලවතුන්ගේ ද ”අවස්ථාව” වැඩි දියුණු කරනු ලබන ආපදාවකි. ඒ ආපදාවට අනුව කල්තබා තීරණ නොගත් අනුරලාට දැන් සිදුවන්නේ ආපදාව කියන අන්දමට හැසිරෙන්න ය. ශානක්‍යායන්ලා ද ඔවුන්ගේ ජාත්‍යන්තර ස්වාමීන් ද ප්‍රයෝජනයට ගන්නේ මෙබඳු අවස්ථාවන් ය.

තක ද! සුනාමි විපතට රට ලක් වූ විට, කොටි සංවිධානයට ”සුනාමි සහන මණ්ඩලයක්” ලබාදීමට ගිය දේශපාලනය? ඒ දේශපාලනය දැන් වෙනත් අයුරින් ක්‍රියාත්මකය! ආපදාව ගැන වගේම අපදාව සමග එන මේ දේශපාලනය ගැනත් ”ඇලට් එකේ” සිටිය යුත්තේ ඒ නිසා ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x