March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ ගමන කිසිසේත් ප්‍රඥාගෝචර හෝ විශ්වාසනීය නෑ… කොටපිටියේ රාහුල අනුනාහිමි

1 min read

වර්තමාන පාලකයන් බලයට පත්වීමට පෙර සිදුකළ ප්‍රකාශ සහ දැන් වැඩකරන ආකාරය සසඳා බැලූ විට ඔවුන් පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි පවසයි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවද දැන් නීතිය රිසි සේ නවන බවත් කන්ටේනර් 323 සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක කළේ දැයි තමන් ප්‍රශ්න කරන බවත් එහිමියන් සඳහන්කරයි.

ආණ්ඩුව ආරම්භයේ සිට මේ දක්වාම ප්‍රඥාගෝචර බවින් තොරව වැඩකළ බවද කිසිදු ලොකු වැඩක් නොකළ ආණ්ඩුව කළ එකම දෙය අනික් අය අවප්‍රමාණ කිරීම බවද එය මේ රටේ සංස්කෘතිය නොවන බවද රාහුල හිමි අවධාරණය කරයි.

ජනාධිපතිවරයා තුළ කිසිවෙකුට ඇහුන්කන් නොදෙන ස්වරූපයක් ඇති බවත් ද්වේෂයෙන් කුහකකමින් පළිගැනීමෙන් රජය අන්තයටම ගොස් ඇති බවත් උන් වහන්සේ ප්‍රකාශ කළහ. බෞද්ධයන් යාපනයට යන්නේ වෛරයෙන් බවට ප්‍රකාශ කිරීම තිස්ස විහාරයේ ඓතිහාසික වැදගත්කම මායිම් නොකර සිදුකළ අකෘතඥ ප්‍රකාශයක් බවද එහිමියන් පෙන්වා දුන්හ.

මේ වන විට උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු ආගමික ස්ථාන දැඩි අනතුරකට මුහුණදී ඇති අතර ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුදු දහම ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් යාපනේ කදුරුගොඩ විහාරයේ මාර්ග පුවරු ටික වහාම සවිකර දෙන ලෙස ඉල්ලා සිටින බවත් රටේ සංස්කෘතිය ආගම ජාතිය ආරක්ෂා කරමින් එහි දියුණුවට කටයුතු කරන ආකාරය ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉගෙන ගන්නා ලෙසද එහිමියන් සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  අධිකරණයේ මාරු කිරීම් අවුල් ඡාලයක් බවට පත් වේ! විනිසුරන් කැළඹේ!

මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි මේ බව ප්‍රකාශ කළේ අද (20) කොළඹ බෞද්ධ සම්මේලන මූලස්ථානයේ පැවති මහ සඟ සමුළුව අමතමිනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x