January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 47 දක්වා ඉහළට!

1 min read

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (26) සහ අද (27) දෙදින තුළ පමණක් පුද්ගල මරණ 37ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ දක්වා කාලය තුළ සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළගොස් ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව ඇති අතර පවුල් 1729කට අයත් පුද්ගලයින් 5,893 දෙනෙකු ද කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු නායයෑම් හේතුවෙන් මරණ 23ක් සිදුව ඇති අතර, පුද්ගලයින් 5 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇත.

එමෙන්ම මහනුවර, ගංගොඩ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් නිවාස කිහිපයක පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා එක් නිවසක රැදී සිටිය දී එම නිවස ද නායයෑමට ලක්ව ඇති බවට වර්තා පළවෙනවා. .

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් මරණ 6ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x