November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණයම සලිත කෙරේ! සදුදාට 50කට මාරුවීම් හෝ වැඩ තහනම් කිරීමේ ලිපි!

1 min read

මීට පෙර කිහිප වතාවකදීම අපගේ අධිකරණ අභ්‍යන්තර වාර්තාකරු පෙන්වා දුන් පරිදි, මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාව මගින්, ආණ්ඩුවට අවශ්‍ය පරිදි දිසා, මහෙස්ත්‍රාත් හා හයිකෝට් යන අධිකරණයන්ට අදාළ වන පරිදි තෝරාගත් විනිසුරන්/ විනිසුරියන් 50ක නාමලේඛණයක් වැඩ තහනම් කිරීමට හෝ හදිසි මාරුවීම් ලබාදීමට පිළියෙල කර ඇත.

මෙම නාමලේඛනයට එළැබෙන සඳුදා (19) අග්‍ර විනිශ්‍යකාරවරයාගේ අනුමැතිය ලබා දීමට නියමිත ය. මෙබදුම තවත් 50 දෙනෙකුගේ ලැයිස්තුවක් මීට අමතරව සකස් කරමින් ඇති බවද තවදුරටත් වාර්තා වී තිබේ. මෙමගින් බලාපොරොත්තු වන්නේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හෝ CIDය විසින් දේශපාලඥයන්, රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර පණවනු ලබන නඩු විභාග කඩිනමින් අවසන් කිරීමත් (ආණ්ඩුවට අවශ්‍ය පරිදි) ඇප සහන ලබා දීම වැනි පියවර කරා නොයන තත්වයක් සමස්ත අධිකරණ පද්ධතිය තුළම ඇති කිරීම බවත් වාර්තා වේ.

හදිසියේම මෙම අසාධාරණ මාරු කිරීම් වලට ලක්වන ඇතැම් විනිසුරන් පසුගිය කාලයන් හී දී වසර 15-16 වැනි දීර්ඝ කාලයක් කොළඹින් පිට අධිකරණයන් හි සේවා සිදුකර මෑතකදී කොළඹ උසාවියට මාරුවීම් ලබා පැමිණියහු වෙති. මෙම අසාධාරණ හා හදිසි මාරු කිරීම් හේතුවෙන් ඔවුන් පුද්ගලික ජීවිතයේ දුෂ්කරතා රැසකට ද ගොදුරව සිටින බව පැවසේ.

ජනප්‍රිය පුවත්  මාලිමා මන්ත්‍රීගේ පුතා පහරදීලා පොහොට්ටු මන්ත්‍රීගේ පුතා රෝහලේ

පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂනායකවරයා හෝ විපක්ෂ නායකයන් මේ පිළිබඳව මුනිවත රැකීමද අධිකරණයේ ස්වාධීනත්වය අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී ඇත.

Underground අධිකරණ වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x