January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Ne-Yoගේ ප්‍රසංගය කල්දාලා සංවිධායකයෝ සල්ලි අරං රටින් පැනලා

1 min read

කොළඹ දී සංවිධානය කර තිබූ Ne-Yo ගේ ප්‍රසංගයේ සංවිධායකට එරෙහිව සිනමන් හෝටලයෙන් හා ක්‍රීඩාංගනයෙන් ලැබී ඇති පැමිණිලි සියල්ල මේ වන විට කොල්ලුපිටිය පොලිසිය විසන් CIDයට බාරදී ඇති බවට කොල්ලුපිටිය පොලිසිය පවසනවා..

සුගතදාස ජාතික ක්‍රීඩාංගනයේ තණතිල්ල අලුත්වැඩියා කරන බාව පවසමින්, දෙසැම්බර් මැද සිට සති තුනක කාලයක් පුරා විසි කිරීමේ ඉසව් (Throwing Events) සඳහා පුහුණුවීම් නතර කරන ලෙස බලධාරීන් ක්‍රීඩකයින්ට දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා විය.

කෙසේ වෙතත්, එම කාලය තුළම ක්‍රීඩාංගනය තුළ විදේශීය ගායක Ne-Yo ගේ ප්‍රසංගය සඳහා තාවකාලික වේදිකාවක් ඉදි කරමින් පවතින ඡායාරූප රැසක් මාධ්‍ය වෙත ලැබී තිබීමෙන්, මෙම තීරණය පිළිබඳ බරපතළ ගැටළු මතුවී ඇත.

ක්‍රීඩකයින් චෝදනා කරන්නේ, තණතිල්ල අලුත්වැඩියා කිරීම යන නාමයෙන් පුහුණුවීම් නතර කර ඇත්තේ ක්‍රීඩාවට වඩා වටිනා බව පෙන්වමින් Ne – Yo ගේ ප්‍රසංගයට ඉඩ ලබාදීමට බවයි.

මෙරට දැනට පවතින්නේ කෘතිම ධාවන පථ (synthetic tracks) දෙකක් පමණක් වන අතර, එවැනි ක්‍රීඩාංගන බාහිර උත්සව සඳහා භාවිත නොකරන බවට අමාත්‍යවරුන් මීට පෙර ලබාදුන් පොරොන්දු මේ වන විට බලධාරීන්ට අමතක වී ඇති බවට ක්‍රීඩකයින් චෝදනා කරති.

ජනප්‍රිය පුවත්  රනිල්ට ත්‍රිපුද්ගල මහාධිකරණයක අධිචෝදනා…

මෙවැනි ප්‍රසංග පැවැත්වෙන සෑම අවස්ථාවකම ධාවන පථයට සහ මැද තණතිල්ලට හානි සිදු වන බවත්, එය ක්‍රීඩකයින්ට අනතුරුදායක තත්ත්වයන්ට හේතු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඉදිරි 2026 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර තරඟ ඉලක්ක කරගෙන පුහුණු විය යුතු වටිනා කාලය මෙලෙස අහිමි වීම ජාතික අපරාධයක් නොවේද? යන ප්‍රශ්නයද මේ සමඟ මතු වී තිබේ.

ඒ අතර, කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ Ne-Yo ප්‍රසංගය දෙසැම්බර් 28 වන දින ”අනපේක්ෂිත තත්වයන් ” හේතුවෙන් අවලංගු කර ඇති බව සංවිධායකයින් දැනුම් දී ඇත.

මෙම ප්‍රසංගයේ සංවිධායකයින් වන Brown Boy Presents සමාගමට එරෙහිව, නොගෙවූ ගෙවීම් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට වංචා පැමිණිලි ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

පොලිසිය සඳහන් කරන්නේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් පැමිණිලි දෙකක් ඇතුළුව, සංවිධායකයින්ට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.

මෙම පැමිණිලි කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට යොමු කිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම, මෙම ප්‍රසංගයේ සංවිධායකයා වන Amith Boteju මේ වන විට මුදල් රැගෙන පලා ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වන අතර, කොළඹ සුපිරි හෝටලයකට රුපියල් ලක්ෂ 250කට වැඩි වංචාවක් සිදුකර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

ජනප්‍රිය පුවත්  රනිල්ගෙන් මානව හිමිකම් නඩුවක්!

ප්‍රසංගය අවලංගු කිරීමෙන් පසු, ටිකට්පත් සඳහා ගෙවූ මුදල් ආපසු ලබාදෙන බව සංවිධායකයින් ප්‍රකාශ කර ඇතත්, ඒ සඳහා තහවුරු කළ කාල රාමුවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x