March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

MAS Holdings කර්මාන්ත ශාලා වසා දැමීමට යයි!සේවකයන් 25,000කට පමණ රැකියා අහිමිවෙයි!

1 min read

අමලීන් පවුලට අයත් MAS Holdings සමාගමේ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ

මේ අනුව සේවකයන් 25,000කට පමණ රැකියා අහිමිවීමට නියමිත බව පැවසේ.
පාර්ලිමේන්තුවේදී ඊයේ (03) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ බැව් අනාවරණය කළේය.

ඒ මහතා මෙසේද කීවේය.

“ඇමරිකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාව ඉන්දියාවට පනවා තිබූ සියයට පනහක බද්ද සියයට දහ අටක් දක්වා අඩු වෙනවා. අපි රජයට කිව්වා කොයි මොහොතක භූ දේශපාලනය තුළ ඔය බද්ද අඩුවෙනවා කියලා. දැන් අපේ අපනයනකරුවන්ට වෙන්නේ මොකක්ද. අපේ බද්ද සියයට දෙකක් වැඩියි. මේ සම්බන්ධයෙන් ඒකේඩී බ්‍රෑන්ඩ් එක මොකක්ද ගන්න පියවර. ඒ විතරක් නෙමෙයි අද කර්මාන්තශාලා වහන්න සැලසුම් කරලා තියෙනවා. ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ කර්මාන්තශාලා වහනවා. ඇමැතිතුමා දන්නවා ද?. බොහෝ දෙනකුට රැකියා අහිමි වෙනවා. ඔබ පොරොන්දු වෙලා ආවෙ තවත් කර්මාන්ත ශාලා අරිනවා කියලා. අපි පැහැදිලිව කියනවා මේ රටතුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා.”

ජනප්‍රිය පුවත්  බලපිටියේ අය වැය දෙවන වරටත් මාලිමාව පරාදයි!

මේවන විට MAS Holdings ට අයත් කර්මාන්ත ශාලා 38ක් ශ්‍රී ලංකාව තුළ පවතින අතර විදෙස් රටවලද ඇතුළුව එම සමාගමට අයත් කර්මාන්ත ශාලා ප්‍රමාණය 53ක් බැව් පැවසේ.

ඇඟළුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන සමස්ත ආදායම වන ඇමරිකානු ඩොලර් බිලියන 5න්, MAS Holdings වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට රැගෙන එන බව පැවසේ.

MAS Holdings හි සේවක කප්පාදුව හා කර්මාන්ත ශාලා වසා දැමීමේ සැලැසුම එම සමාගම වෙනත් රටවල කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හා වැඩි වශයෙන් කෘතිම බුද්ධිය භාවිතාවට ගැනීමේ පියවරක් ලෙස සිදු කෙරෙන්නක් බවද ඇඟළුම් ක්ෂේත්‍ර ප්‍රවීණයෝ කියා සිටී.

අදාළ සමාගම ලංකාවේ සමාගම් වසා දැමීමට කටයුතු කරමින් සිටින බව අප ශ්‍රී ලංකා මිරර් අනාවරණය කරනු ලැබුවේ මීට දෙවසරකට පෙරදීය.

මේ සමාගම් සමූහය ආරම්භ කරනු ලැබුවේ මහේෂ් අමලීන් (Mahesh Amalean), ශරාඩ් අමලීන් (Sharad Amalean) සහ අජේ අමලීන් (Ajay Amalean) යන තිදෙනා විසිනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  පතිනායක කැපේ !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x