හයියෝ තඹුත්තේගම!
1 min read
ඉහත ඡයාරූපයෙන් දැක්වෙන්නේ අද (03) පැවැත්වුණු 159 වැනි පොලිස් සැමරුමේ පොලිස් ආචාරයට ජනාධිපතිවරයා සහභාගී වූ අන්දම ය. ජනාධිපතිවරයා රතු පලස් මතින් ගමන් කරන අතරතුර ඔහුගේ වම්පසින් ගමන් කරන්නේ පෞද්ගලික ආරක්ෂකයා ය. ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයාට සමාන්තරව, පොලිස් ආචාරය ලබාදෙන නිලධාරීන් සමීපයෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා මන් කිරීමය. මෙය දුටු වහාම කෙනෙකුට හිනා යන්නේ, පොලීසියේ ආචාරය ලබා දෙන්නේ ජනාධිපතිට ද ඔහුගේ පුද්ගලික ආරක්ෂකයාට ද යන්න තෝරා බේරා ගත නොහැකිවය.
ජනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂකයා ජනාධිපති ආරක්ෂක අංශයේ අයකු නොවේ. ඔහු මෙලෙස පොලිස් භටයින් සමීපයෙන්, ජනාධිපතිවරයාට සමාන්තරව ඇවිද යන්නෙ කිසියම් පොලිස් භටයකු ජනාධිපතිවරයාට පහර දුන්නොත් එය වළක්වා ගැනීමේ අදහසින් විය යුතුය. එසේ නොමැතිව මෙසේ ගමන් කිරීමට හේතුවක් නැත.
අහෝ! බියෙන් පීඩිත ජනපති පත්ව ඇති තැතිගැන්මේ තරම!!