සහරාන්ගේ නීතිඥයා දැන් අධිකරණ ඇමති! ඔහු වහා අත්අඩංගුවට ගනු!
1 min read
සහරාන් හෂීම් අන්තවාදයට ගමන් කරන බවට රටේ ආරක්ෂක මණ්ඩලයට අනතුරු ඇඟවීම් සිදුකළ හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ, සහරාන් සමග සබඳතා පැවැත්වූයේ යැයි අත්අඩංගුවට ගන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
“බුද්ධි අංශ කියන්නේ හැම එකා එක්කම ගනුදෙනු කරනවා. ගනුදෙනු කරලා මොකක්ද වෙන්නේ කියලා හොයා ගන්නවා. එහෙම විශාල වැඩකොටසක් බුද්ධි අංශ වෙනුවෙන් කරලා, එහි ගෞරවය ගන්න කිසි ලෙසකින්වත් මාධ්‍ය ඉස්සරහ පම්පෝරි නොගහපු බුද්ධි අංශ ප්‍රධානියා සුරේෂ් සලේ අද අත්අඩංගුවට අරන්, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් එක්ක ගනුදෙනු කළා කියලා.
සහරාන්ගේ නඩුවට පෙනී හිටියේ දැන් ඉන්න අධිකරණ ඇමති හර්ෂණ. ගන්නකෝ හර්ෂණත් එහෙනම්, අන්න සම්බන්ධකම්. සහරාන්ලා අන්තවාදයට යනවා කියලා ආරක්ෂක මණ්ඩලේට අනතුරු අඟවපු මනුස්සයා දානවා හිරේ, කොටි ඩයස්පෝරාව සතුටු කරන්න.”
ජනහමුවකට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
