October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සමන් ඒකනායකට එන්න එපාලු!

1 min read

අද උදේ රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස කලින් දැනුම් දී තිබුණත්, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද නොපැමිණෙන ලෙසත්, පැමිණිය යුතු දිනය පසුව දන්වනු ලබන බවත් රහස් පොලීසියේ ස්ථානාධිපතිවරයකු විසින් අද පෙරවරුවේ දුරකථනය මගින් දන්වා තිබේ.

සමන් ඒකනායක මහතා රහස් පොලීසිය බලා පිටත්වීමට තම වාහනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසේ තබා සූදානම් වන අවස්ථාවේදී මෙම දුරකථන ඇමතුම ලැබී තිබේ.

රහස් පොලිස් ආරංචි මාර්ග අප වෙත පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාය  මගින් ලැබුණු ආරාධනා පත්‍රය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද අදාළ වන්නක් බවට සනාථ වීම නිසා මෙම අවලංගු කිරීම සිදු කොට ඇති බවයි.

කෙසේ වෙතත්, අද රහස් පොලීසිය හමුවට කැඳවා ප්‍රශ්න කර, සමන් ඒකනායක මහතාව ද අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කලින් සූදානම් ව සිටි බව එම ආරංචි මාර්ග පෙන්වා දේ.

විජිත කාරියප්පෙරුම  underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x