October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වටගල – නලින්ද ගැටුම එලිපිට !

1 min read

වටගල – නලින්ද ගැටුම එලිපිට !

ආණ්ඩුවේ පොලිසිය බාර නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ නීතිඥ සුනිල් වටගල හා සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර වර්ධනය වන පුද්ගලික ගැටුම මේ වන විට බෙහෙවින් තීව්‍ර තත්ත්වයට පත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. වටගල නි. අමාත්‍යවරයා යන-එන හා කන-බොන සෑම අයකු පිළිබඳවම ජනාධිපතිවරයාට කේලම් කියන මට්ටමට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පත්ව ඇතැයි වටගල පාර්ශවය චෝදනා කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පළාත් පාලන ආයතන 13 ක ජා.ජ.බ. සඳහා බලය පිහිටුවා ගැනීමට මොවුන් දෙදෙනාම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පොරොන්දු වී තිබුණේ, එම ආයතනවල බලය පිහිටුවාලීමට ලබා දෙන ප්‍රති උපකාරයක් ලෙස රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණ නතර කරවන බව යි. නමුත්, රාජිතගේ පිහිටෙන් අදාළ පළාත් පාලන ආයතන 13 බලය පිහිටුවා ගැනීමට ඔවුන් සමත් වුවත්, රාජිතට දුන් පොරොන්දුව පරිදි ක්‍රියා කිරීමට මොවුන් දෙදෙනාම අසමත් වී තිබේ. එහි වැඩි වගකීම පැවරී ඇත්තේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට වුවත්, ඔහු ඒ සඳහා ප්‍රමාණවත් උත්සාහයක් දරා නොමැති බව වටගල පාර්ශවයේ චෝදනාව වී තිබේ.

මීට අමතරව, වටගලගේ පුත්‍රයකුගේ ක්‍රියා කලාපය පිළිබඳ ඇතැම් චෝදනා පැලවත්තේ “බලධාරියා” වෙත වාර්තා වී ඇත. මේ පිළිබඳව කීප වරක්ම වටගල නි. අමාත්‍යවරයා වෙත “අනතුරු ඇඟවීම්” සිදු කර තිබේ. අවසානයේ කරගන්නට කිසිවක් නොවූ වටගල අමාත්‍යවරයා තම මිතුරකු මාර්ගයෙන් සිය පුතාව විදේශ රටකට යවා තිබේ.

මේ ආදී විවිධ හේතු මත වටගල නි. අමාත්‍යවරයා ද ආණ්ඩුව තුළ සිටින්නේ බලවත් අසහනයකට ලක්ව බව පැවසේ. පහළ සාමාජික හිතවතුන්ගෙන් ලැබෙන පොලිස් පැමිණිලි පිළිබඳව හෝ සෘජුව මැදිහත්වීමට නොහැකි ඉරණමකට මේ වන විට ඔහු පත්ව තිබේ. ඊට හේතුව වී ඇත්තේ පැලවත්ත විසින් ඒ පිළිබඳ සියල්ල “පාලනයට” නතු කරගෙන තිබීමයි.

ගවිෂණ වාර්තාකරු

UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x