රෝගී ජීවිත බිල්ලට! ජයතිස්සට එරෙහිව නඩු පිට නඩු!
1 min read
ඉන්දියාවෙන් ගෙන්වන ලද වමනයට හා ක්ලාන්තයට දෙනු ලබන එන්නතක් ලබාදීමෙන් පසු රෝගීන් දෙදෙනකු මිය යාමත් සමග ඉන්දීය ප්‍රමිතියෙන් බාල ඖෂධ පිළිබඳ බරපතල ආන්දෝලානාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයකු සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉගෙනුම ලැබූ මතුගම සී ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංකර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියකු වීම ද විශේෂත්වයකි. මෙකී මරණ වෙතින් පසු ආදාළ එන්නත් කාණ්ඩ 4ක් වහාම ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඖෂධ අධිකාරිය පියවර ගෙන ඇතත්, දැනට රෝහල තුළදී රෝගීන්ට ලබා දෙන බොහෝ ඖෂධ (ඉන්දීය) ප්‍රමිතියෙන්, බාල ඒවා බව අනාවරණය වී තිබේ.
මේ අතර මෙම බාල ඖෂධ ඉන්දියාවේ සිට කල්පිටිය හරහා රට තුළට ගෙනැවිත් ඉතා අඩු මිලට විකිණීමේ ජාවාරමක් ද අනාවරණය වී තිබේ. පසුගිය දා ‘හිරු’ රූපවාහිනියේ ‘සලකුණ’ දේශපාලන වැඩසටහන සමග එක් වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම ජාවාරම පිළිබඳව අනාවරණය කරන ලදී.
කල්පිටිය හරහා ඉන්දීය බාල බෙහෙත් රට තුළට ගෙන එනු ලබන බවත් ඒවා අඩු මිලට විකුණා ලාභ ලැබීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවත්, එමගින් ශ්‍රී ලංකාවේ රෝගී ජීවිත තවදුරටත් අනාරක්ෂිත බවත් ඔහු අනාවරණය කරන ලදී.
මේ අතර , ඖෂධ පාලන මිල ඉන්දීය ඖෂධ වලට ගැලපෙන පරිදි සකස් කිරීම මගින් ගුණාත්මක බවින් ඉහළ බ්‍රිතාන්‍ය හෝ යුරෝපා ප්‍රමිතියේ ඖෂධ ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ අතහැර යාමක් ඇතිව තිබේ. මේ සියලු කරුණු අළලා අමාත්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අංශයේ සහ ඉන් පරිභාහිර වෘත්තීය හා සිවිල් සංවිධාන කටයුතු කරමින් ඇතැයි දැන ගැනීමට ඇත.
