October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රවීගේ සාක්කුවේ හඳුන්!

1 min read

කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න මේ වන විට පුනරුද ආණ්ඩුවේ ඇමතිවරයකු වූ සුනිල් හඳුන්නෙත්තිගේ සිය දේශපාලන සහචරයා බවට පත්කරගෙන තිබේ. රවී විජේරත්නට අයත්, ෂැන්ග්‍රිල්ලා (One gall face residence) අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ”West Tower” හි පිහිටි නිවසට, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නිතරම පැමිණෙන බවත්, සුනිල් හඳුන්නෙත්ති රවී විජේරත්නව ආමන්ත්‍රණය කරනු ලබන්නේ ‘‘රවී අයියා“ යනුවෙන් බවත් පැවසේ.

සෙවනගල උක් කර්මාන්ත ශාලාව ද රවී විජේරත්නට අඩු මුදලකට විකිණිම සඳහා සුනිල් හඳුන්නෙත්ති එකඟ වී ඇති අතර, මේ වන විට රවී විජේරත්නගේ පුතා ඊට අදාල ව්‍යාපෘති වාර්තාව සකස් කරමින් සිටී.

නිවාස සංකීර්ණයේ 49 මහලේ පිහිටි රවී විජේරත්නට අයත් මෙම නිවසේ, පසුගිය පාලන සමයේ සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායකය. හඳුන්නෙත්ති ඇතුළු NPP ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට රිසිසේ සලකන රවී විජේරත්න, මේ දිනවල තම හිතවතුන් සමග පවසනු ලබනුයේ, හැම ආණ්ඩුවකටම වඩා මෙම ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට හිතවත් බවය.

තිලක් රත්නාකාර මුදලිගේ underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x