October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් වික්‍රමසිංහ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ!

1 min read

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය(FCID) විසින් ගොනු කල පොදු දේපල පනත යටතේ චෝදනාවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරු කැඳවීම ලද, ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත්තේ පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවය. විමර්ශනයට භාජනය වී ඇත්තේ නිව්යෝර්ක් නුවර පැවති නිල සංචාරයකින් පසු ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට ගිය ගමනකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් සහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x