October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රටම ඉවරයි! පලස්තීන සරණාගතයන් ලංකාවට!

1 min read

ඊශ්‍රායලය තුළ සිටින පලස්තීනුවන් සෞදි අරාබියට සහ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා එරට රාමෝන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ජම්බෝ ජෙට් වර්ගයේ ගුවන් යානාවක් ඊයේ (17) රාත්‍රී 10:00 පමණ වන විට පැමිණ තිබේ. පුද්ගලයන් 700ක් පමණ රැගෙන යා හැකි මෙම ජම්බෝ ජෙට් යානය මැද පෙරදිග රටකට අයත් වූවක් බවට සැක කෙරේ.

එම ජෙට් යානයෙන් ගෙන එන පලස්තීන වැසියන් ඊශ්‍රායලය තුළ කොටු වූවෝ වෙති. ජෙට් යානයෙන් ගෙන එන පිරිසෙන් කොටසක් අරාබියටත් තවත් කොටසක් ශ්‍රී ලංකාවටත් රැගෙන ඒමට නියමිතය.

සාමාන්‍යයෙන් පලස්තීන වැසියන් සියලුම දෙනා පාහේ හමාස් යුද පුහුණුව ලැබුවෝ වෙති; ඔවුන්ට ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන්නේ සරණාගතයන් වශයෙනි.

දැනටමත්, අම්පාර – ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ඊශ්‍රායල වැසියන් බහුලව ජීවත් වෙති. ඔවුහු තම මව්බස වන හීබෲ භාෂාවෙන් ඇතැම් පුවරු පවා එම ප්‍රදේශය තුළ සවි කර ඇත. අපගේ විමර්ශනය අනුව, මෙම ඊශ්‍රායල් ජාතිකයන් අතර සිටින ඇතමුන් ශ්‍රී ලංකාවේ පෞරාණික දැනුම (යන්ත්‍ර , මන්ත්‍ර වැනි) පර්යේෂණයට භාජනය කිරීමේ අරමුණින් පැමිණිය වූවන් වෙති.

ඊශ්‍රායලයේ ජාතිකයන් එක් පසෙකින් රැඳී සිටියදී, තවත් පසෙකින් පලස්තීනුවන් සරණාගත‍යින් ලෙස ශ්‍රී ලංකාව තුළ පදිංචි කරවීම අතිශය භයානක අනතුරකට අත වැනීමක් බව බුද්ධි අංශ අනතුරු අඟවයි.

මේ අතර, ජනාධිපති ප්‍රේමදාස සමයේ වසා දමන ලද ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට ද NPP ආණ්ඩුව කටයුතු කරමින් සිට සිටී. ඒ සඳහා අවශ්‍ය කටයුතු පිළියෙල කිරීමට මේ වන විට ඉන්දියාවේ සිට ඊශ්‍රායල් නියෝජ්‍ය තානාපතිවරයකු මෙරට ට පැමිණ සිටී.

බුද්ධි විමර්ශන විසිනි.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
trackback

[…] රටම ඉවරයි! පලස්තීන සරණාගතයන් ලංකාවට! […]

1
0
Would love your thoughts, please comment.x
()
x