යටත්විජිතගේ ප්‍රේම විජිතය මෙන්න!
1 min read
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් තමන් විසින් ඉල්ලා නොසිටියේ, එසේ ඉල්ලා සිටියානම් අදාළ යෝජනාවට එරෙහිව වැඩි ඡන්ද ලබා ගැනීමට නොහැකි තත්වයක් පැවති නිසා බවයි. ඒ අතරම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එසේ ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටීම මගින් නාස්ති වීමට ඉඩ තිබූ මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකි වූ බවයි. ශ්‍රී ලංකාවේ ඉරණම කෙරෙහි තදින් බලපාන කාරණයක දී ඒ අයුරින් මුදල් ඉතිරි කර ගැනීම ප්‍රමුඛතාවයේ ලා සළකමින් කටයුතු කරන බව පෙන්වන විජිත හේරත් අමාත්‍යවරයා, තම පෙම්වතියගේ දියණිය විසින් පවත්වාගෙන යනු ලබන ”MY Business -360” ආයතනයට අමාත්‍යාංශයේ උත්සව කළමනාකරණය ටෙන්ඩර් පටිපාටියෙන් තොරව බාරදෙනු ලබන බව අප වෙත වාර්තා වී තිබේ. එමගින රජයට සැළකිය යුතු පාඩුවක් සිදුවන බව ද විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
විජිත හේරත් අමාත්‍යවරයා සිය විවාහක බිරිඳ සමඟ සම්බන්ධතා නොපවත්වන බවත්, ඔහුගේ ප්‍රේමවන්තිය වී සිටින්නේ දෙහිවල ගල්කිස්ස නගරාධිපතිවරයාව සිටි ධනසිරි අමරතුංගගේ පෞද්ගලික නිවස සමීපයේ සිටින රෝසි හෙවත් රෝෂිණි යන කාන්තාව බවත් තතු දත් ආරංචිමාර්ග අනාවරණය කර තිබේ.එම රෝසි නැමැති කාන්තාව සිය එකම දියණිය සමග මෙරට පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර කිහිපයකට පෙර ඉතාලියේ සිට ය. ඇය සමඟ පවතින ප්‍රේම සම්බන්ධතාව මත, ඇයගේ දියණිය සමඟද ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට විජිත හේරත් අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
පසුගියදා ඩඩ්ලි සිරිසේන ද සහභාගී වූ උත්සවයක, උත්සව කළමණාකරණය බාරදී ඇත්තේ ද රෝසි ගේ දියණියගේ ‘MY Business -360” නැමැති ආයතනයට ය. දැනට මාස 2කකට පමණ පෙර කොළඹ අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වර්ග අඩි 5000ක පමණ නිවසක්, නවීන ගෘහභාණ්ඩ සහිතව රෝසිට ලබාදීමට ද විජිත හේරත් අමාත්‍යවරයා ක්‍රියා කර ඇත.
ඡායාරූප වෙතින් දැක්වෙන්නේ රොසි හෙවත් රෝෂිණි ඇයගේ දුව හා විජිත හේරත් අමාත්‍යවරයා ය.
මේ පිළිබඳ තවත් විස්තර ඉදිරියේදී අනාවරණය කිරීමට underground බලාපොරොත්තු වේ.



තාරක විරමන් underground වාර්තාකරු




