November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මිද්දෙනියේ වැළලූ අයිස් හදන රසායනිකය ගෙන් වූයේ කවුද?… මෙන්න විස්තර!

1 min read

පසුගියදා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුගේ ඉඩමක දී සොයාගත්, වළලා දමා තිබූ රසායන ද්‍රව්‍ය හා කන්ටේනරය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති ආණ්ඩුව විසින් සමාජගත කරනු ලැබූව ද එම කන්ටේනරය ගෙන එන ලද අයගේ විස්තර අනාවරණය කිරීමෙන් වැළකී සිටින ලදී. මෙතෙක් අනාවරණය නොවූ එම තොරතුරු underground වෙත ලැබී තිබේ.

ඒ අනුව ඉරානයේ ටෙහරාන් නුවර පිහිටි ඇෆ්ෂාන් ටර්බාර් බර්ස්වා කෝපරේෂන් නැමැති සමාගමක් මගින් එවා තිබෙන මෙම රසායන ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනරය, ශ්‍රී ලංකාවේ දී යොමුකර ඇත්තේ W.T.S. LIMES LANKA (PVT) LTD යන ආයතනයකට ය. ලෙවල් 6, ජෝශප් වීදිය, කොළඹ 04 පිහිටා ඇති එම ව්‍යාපාරික ස්ථානයේ නමට අදාළ කන්ටේනරය ප්‍රවාහණය කර ඇත්තේ ප්ලැටිනම් ෂීජින් පුද්ගලික සමාගමක් මගිනි. මීට අමතරව, ශ්‍රීනර් සොලූෂන්ස් පුද්ගලික සමාගමක නමද එහි සඳහන්ව ඇත. එම සමාගමේ ලිපිනය වනුයේ අංක 118/2ඒ, කොරළවැල්ල, මොරටුව. යන්නයි.

අදාල කන්ටේනර් රේගුව විසින් පරීක්ෂා කොට හෝ නොකොට නිදහස් කර තිබේ. පහත දැක්වෙන්නේ ඊට අදාළ සියළු ලේඛනයි.

මිද්දෙනිය අයිස් හදන රසායන ගැන විවිධ කතා ජනගත කළ ද මෙම බහාලුම් ගෙන්වන ලද සමාගමේ සහ ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට ගෙන නොයන්නේ කුමන හේතුවක් මතද යන ප්‍රශ්නය ඒ අනුව පැන නැගී තිබේ. මෙම බහාලුම් ශ්‍රී ලංකාවට ගොඩ බා ඇත්තේ හා ඒවා වරායෙන් නිදහස් කර ඇත්තේ වර්තමාන ආණ්ඩු සමයේදී බව ද මෙමගින් අනාවරණය වේ.

ජනප්‍රිය පුවත්  මෙහේ අත්සන් කරන්න තිබුණ ගිවිසුම එහේ අත්සන් කරති!

මෙතෙක් කිසිදු ප්‍රවෘත්ති මාධ්‍යයකින් අනාවරණය නොවූ අදාළ බහාලුම් පිළිබඳ තොරතුරු ඇතුළත් සුවිශේෂී ලේඛන පහත දක්වේ.

මිගාර කුළසිංහ underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x