මාලිමා කලාකරුවාගේ පවුම් වංචාව!
1 min read
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වන්නේ එංගලන්ත සංචාරයක් නිසා.
එහි සියලූම ගෙවීම් සහ බිල්පත් හසුරුවන්නේ එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය.
මේ වියදම් සඳහා කලක පටන් මහ කොමසාරිස් කාර්යාලය සේවය සපයා ගත් තෙවන පාර්ශ්වයේ ඒජන්ත ආයතනයක් පිළිබඳවත් මේ මොහොතේ කතාබහට ලක්වෙලා.
මේ නිසාම එංගලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය පිළිබඳව අප සොයා බැලුවා.
එංගලන්තයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරන්නේ මනෝරි මල්ලිකාආරච්චි.
මාලිමාව විපක්ෂයේ සිටියදී, රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ සම්පූර්ණ වෙනසක් පිළිබඳව පොරොන්දු වූවත් ඔවුන් බලයට පැමිණි පසු මනෝරි මල්ලිකාරච්චි නැවත ශ්‍රී ලංකාවට කැඳවූයේ නැහැ.
සෑම තානාපති කාර්යාලයකම ඉහළම නිලධාරීන් දේශපාලන පත්වීම් බවත්, ඔවුන් නැවත කැඳවා සුදුස්සන්ට එම තනතුරු ලබාදිය යුතු බවත් කිව්වේ මාලිමාවයි.
නමුත් මනෝරිට එම නීතිය අදාල වුණේ නැහැ.
එයට හේතුව ඇයගේ සැමියා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නදීක ගුරුගේ වීම සහ මනෝරි මල්ලිකාරච්චි කොහොමත් ජවිපෙට සමීප වීම නිසා විය හැකියි.
මනෝරි තවමත් එංගලන්තයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරිය.
එහි අර්ථය එක්කෝ පසුගිය රජයන් සුදුස්සන්ට සුදුසු තැන ලබා දී, මනෝරිගේ පසුබිම නොසලකා ඇයව ඇයගේ සුදුසුකම් මත නිවැරදි තනතුරකට පත් කරලා.
එහෙම නැත්තම් මාලිමාව තමන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය නිසා නුදුස්සෙක් තවදුරටත් තනතුරක තබාගෙන සිටිනවා. සිදුවිය හැක්කේ ඉන් එකක් පමණයි.
මේ දිනවල මනෝරිගේ සැමියා සහ මාලිමා කලාකරුවන් අතර කැපී පෙනෙන චරිතයක් වූ නදීක ගුරුගේ සිටින්නේත් සිය නියෝජ්‍ය මහකොමසාරිස් බිරිය සමග එංගලන්තයේමයි.
ඊයේ රාත්‍රීයේ ලන්ඩන් හි මනෝරිගේ හිතවතියකගේ නිවසේ රාත්‍රි සාදයක් පැවැත්වුණා.
මෙය රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල සාදයක් නොවෙයි.
හුදෙක් මනෝරිගේ පුද්ගලික මිතුරියක් විසින් සංවිධානය කළ පුද්ගලික සාදයක්.
ඒ සඳහා නදීකත් සහභාගි වුණා.
ඔවුන් දෙදෙනා මේ සාදයට සහභාගී වූයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මනෝරිගේ නිල රථය වන, ශ්‍රී ලංකා රජයට අයත් 256 D 260 අංක දරන කලු පැහැති BMW රථයෙන්.
එහි රියදුරු ලෙස කටයුතු කළේ මනෝරිගේ කාර්යාල රියදුරු තෙන්නකෝන්මයි.
මෙය එක්වරක් පමණක් සිදු වූ දෙයක් නොවෙයි.
දිගින් දිගටම නදීක එංගලන්තයේ සිටිද්දී සහ මනෝරි විසින් කරන අවභාවිතාවක්.
නදීක පුරුද්දක් ලෙස රාත්‍රී සමාජශාලා කරා යන්නේ නිල රථයෙන්, කාර්යාලීය රියදුරු සමග.
රාජ්‍ය තාන්ත්‍රික අංක තහඩු සහිත වාහනයකට ලැබෙන මුක්තිය සහ එංගලන්තයේ දී බීමත්ව රිය පැදවීමට ඔහු බිය වීම ඊට හේතු විය හැකියි.
මේ වාහනයට තෙල් ගහන්නේ ලංකා ආණ්ඩුවෙන්. අපේ බදු මුදලින්.
මේ රියදුරන්ට අතිකාල ගෙවන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන්. අපේ බදු මුදලින්.
ඒ සහා වැයවෙන්නේ අපේ විදේශ සංචිතයේ පවුම්.
මෙතනදී අපහරණය වන්නේ අපගේ බදු මුදල් පමණක් නොවෙයි.
එංගලන්තය, ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දී ඇති තානාපති වරප්‍රසාදත් අවභාවිතයට ලක්වෙනවා.
මේ ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය.
ඇයගේ සැමියා රාත්‍රියේ නිල රථයෙන් පබ් ගානේ යද්දී, එංගලන්තයේ දී ජොයින්ට් (ඔහුගේම භාෂාවෙන්) හොයාගෙන ගුබ්බෑයම් වල රිංගද්දී, එංගලන්ත විදේශ අමාත්‍යංශය ඉදිරියේ අවඥාවට ලක්වන්නේ ශ්‍රී ලංකාව.
එංගලන්තය ගෝත්‍රිකයන් ලෙස බලන්නේ නදීක හෝ මාලිමාව දෙස පමණක් නොවෙයි. සමස්ථ ශ්‍රී ලංකාවම දිහා.
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට සහ නූපන් දරුවන්ට පවා කරන විනාශය අතිමහත්.
මේවාත් නීතිය ක්‍රියාත්මක කළ යුතු අපරාධමයි!
(උපුටා ගැනීම Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්)
https://www.facebook.com/share/v/199tzLJJDh

