මාලඹේ SCLT හා රුපියල් බිලියන 450 ඇමති කටගැස්ම!
1 min read
මාලඹේ පිහිටි SCLT නැමති ආයතනය මුළුමනින්ම පාහේ රජයේ අරමුදල් යොදවා ඉදිකරන ලද පොදු – අර්ධ රාජ්‍ය අයතනයකි. එහෙත් මෙහි සංවර්ධන කටයුතු නිමාවීමෙන් පසුව එහි සම්පූර්ණ ආදායම එහි අධ්‍යක්ෂ මණ්ඩලයට අභිමත පරිදි වියදම් කිරීමේ හැකියාව හිමි කරගෙන තිබුණි. ඒ අනුව රජයේ භාණ්ඩාගාරයට හෝ වෙනත් රජයේ අරමුදලකට ආදායම් සැපයීමෙන් වැලකී ලාබ ලබන පෞද්ගලික ආයතනයක ස්වරූපයෙන් මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබීය.
විටින් විට විවිධ ආණ්ඩු යටතේ මෙම විෂය භාර අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ මේ වැරැද්ද නිවැරදි කිරීමට හඬ නැගූහ. නමුත් කුමන හෝ හේතුවක් මත එම ඇමතිවරුන්ගේ ඒ පිළිබඳ උනන්දුව ද කාලයාගේ ඇවෑමෙන් සෑම විටකම මැකී ගියේය.
මෙවර පුනරුද පාලනය යටතේ ඒ පිළිබඳ හඬ නැගුවේ වෙළඳ හා පාරිභෝගික කටයුතු සේවා අමාත්‍ය වසන්ත සමරසිංහ ය. ඔහු සිංහයකු ලෙස පවසා සිටියේ SCLT ආයතනයේ පාලනය රජය යටතට පත්කර ගන්නා බවත් එමගින් එහි අධ්‍යාපනය ලබන දූ දරුවන් සූරා කෑම වළකනු ලබන බවත්ය. නමුත් සිරිත් පරිදි දැන් සතියක – දෙකක පමණ සිට අමාත්‍යවරයාගේ මේ වීර ප්‍රකාශය කියැවෙන්නේ නැත.
රනිල් වික්‍රමසිංහ යහපාලන සමයේ, අග්‍රවිනිශ්‍යකාරවරයාට මෙම පනතින් ලැබී තිබුණු ඇතැම් බලතල විෂය භාර අමාත්‍යවරයාට ලැබෙන පරිදි වෙනස් කළේය. විෂය භාර අමාත්‍යවරයා වනුයේ ඒ අනුව ‘‘වෙළඳ හා වානිජ කටයුතු“ විෂය භාර අමාත්‍යවරයාය. අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි රුපියල් මිලියන 420ක මුදලකින්, වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ කට වැසීමට SCLT ආයතනයේ බාලධාරීන් සමත්ව තිබේ. සුප්‍රකට ව්‍යාපාරික තිලාන් විජේසිංහ ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයකු වූ ජෙහාන් ද, හර්ෂ කබ්රාල් ඇතුළු තවත් පිරිසක් සිටින SCLT ආයතනය පසුගිය කාලය තුළ විශාල ආදායමක් උපදවා තිබේ. මේ සියල්ල වැය වන්නේ ඉහළ මණ්ඩලයේ සමාජිකයන්ගේ අභිමතය පරිදිය. රුපියල් බිලියන 450ක පගාවකට ඇමති වසන්තගේ හඬ නිහඬ කිරීම ගැන මේ දිනවල SCLT ලොක්කෝ කන බොන තැන්වල කට මැත දොඩවන්නේ කටගැස්ම පිණීසය!