January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්ද විජේරාමෙට සමුදෙයි!

1 min read


හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට අවස්ථාව ලබාදෙන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් හා එම පනත් කෙටුම්පතට වහාම කථානායකවරයා විසින් අත්සන් තැබීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් පිටත්ව යාමට නියමිත ය.

2015 පරාජයෙන් පසුව, එවක පැවති යහපාලන ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් නිල නිවස වූයේ එයයි.


විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු හමුවීමෙන් අනතුරුව, එම නිල නිවසින් නික්ම යන මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේ පිහිටා ඇති කාල්ටන් නිවස තම පදිංචිය සදහා තෝරා ගැනීමට නියමිත ය.

දිදුල ජයවර්ධන underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x