මහින්ද ඝාතන මෙහෙයුමක් !
1 min read
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සන්නද්ධ පුහුණුව ලැබූ LTTE කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මකව ඇතැයි කැනේඩියානු කොටි හිතවාදීන් අතර සාකච්ඡා වෙමින් තිබේ. එම කොටි හිතවාදීන් අතර සිටින අපගේ තොරතුරු සපයන්නකු පවසා සිටියේ ඉදිරි මාස කිහිපය ඇතුළත මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට මෙම කණ්ඩායම් දෙකෙන් එකක් නියත වශයෙන්ම කටයුතු කරනු ඇතැයි කැනේඩියානු ද්‍රවිඩ සංගමයේ ප්‍රධානින් තම සමීපතමයන්ට පවසනු ලැබ තිබෙන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව බෙහෙවින් අඩු කිරීම, ඔහුට ලබා දී තිබූ වෙඩි නොවදින ආරක්ෂිත රථය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා ගැනීම හා විජේරාම නිල නිවස යලි ලබා ගැනීම යන ක්‍රියාවන් ආණ්ඩුව විසින් සිදු කර ඇත්තේ එම කැනේඩියානු ද්‍රවිඩ සංගමයේ ප්‍රධානින් සමග පසුගිය මැතිවරණ සමයේ ඇති කර ගනු ලැබූ එකඟතාවට අනුව බව පැවසේ. එම ක්‍රියාවන් හේතුකොටගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පහසු තත්ත්වයක් ඇති වී තිබෙන බව පැහැදිළිය.
පසුගිය දා සරත් ෆොන්සේකා විසින් දැඩි වෛරී සහගත ලෙස මහින්ද රාජපක්ෂ සිරගත කළ යුතු බවටත්, කකුල් දෙකෙන් එල්ලා මැරිය යුතු බවටත් ප්‍රකාශ කරන ලද්දේ මෙම සැලසුමේ කොටසක් ලෙස බවට ද කැනේඩියානු ද්‍රවිඩ සංගමේ ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
මහින්ද රාජපක්ෂ කෙරෙහි වෛරය පතුරුවන ප්‍රචාරක ව්‍යාපාරයක් ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අරඹා ඇත්තේ ද එම සැලසුමට අනුව බව පැවසේ.
අපගේ ආරංචි මාර්ග පවසන්නේ, මේ පිළිබඳව රජයේ බුද්ධි අංශ දැනුම්වත් කර ඇතත්, ඔවුන් අවශ්‍ය පියවර ගන්නා බවක් පෙනෙන්නට නැති බව යි.
