October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්දව විජේරාම නිවසින් එළියට!

1 min read

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. එමෙන්ම එය, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. කථානායක, ජගත් වික්‍රමරත්න අද (09) මේ බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව, මෙම පනත සම්මතවීමෙන් පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට සිටින විජේරාම නිල නිවසින් ඉවත් කරනු ඇතැයි වාර්තාවේ.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කණ්ඩායම් විසින් ගෙන එන ලදැයි කියන ”අයිස්” නැමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදවා ගනු ලබන විවිධ රසායනික ද්‍රව්‍ය පිළිබඳ චෝදනා රාජපක්ෂවරු කෙරෙහි බලපාන පරිදි විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන එන ලද්දේ ද මහින්ද රාජපක්ෂ මහතා ව එම නිල නිවසින් ඉවත් කිරීම සඳහා පසුබිම සකස් කර ගැනීමට බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.

දයාන් සමරකෝන් underground වාර්තාකරු  

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x