November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

බිමල්ගෙන් ‘වරාය’ ගැලවූයේ ඇයි?

1 min read

අමාත්‍ය බිමල් රත්නායක දරන ලද ”වරාය හා ගුවන්සේවා” යන විෂයන් පසුගිය දා සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඉවත් කර ඇත්තේ, කොළඹ වරාය සම්බන්ධ ව්‍යාපාරික ගණුදෙනුවක් කඩිනමින් ඉටු කර ගැනීම සඳහා බව අපගේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ලංකාවේ ප්‍රකට ධනවතකු වූ ධම්මික පෙරේරාගේ සහෝදරයකු විසින්, කොළඹ වරායේ පවතින තෙල් ටැංකි සම්බන්ධ ව්‍යාපාරික සැළැස්මක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ, ආන්දෝලනයට තුඩු දුන් කාන්තාවක් වූ ප්‍රමිෂ්කා පෙරේරා හරහා ය. පසුව එම යෝජනාව, බිමල් රත්නායක අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ. ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව ප්‍රමිෂ්කා පෙරේරා ජනාධිපතිවරයාට මේ පිළිබඳව පැමිණිලි කර ඇත. එහිදී ජනාධිපතිවරයා ප්‍රමිෂ්කාට පවසා ඇත්තේ, තමන් මේ වසරේ සැප්තැම්බර් පමණ වන විට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවත්, එතෙක් ඉවසන ලෙසත්ය.

ජනාධිපතිවරයා ප්‍රමිෂ්කාට පොරොන්දු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සැප්තැම්බර් මාසයේ දී නොවුණත්, එය ඔකතෝබර් මාසයේදී සිදු කරන ලදී. එම සංශෝධනය මගින් මූලිකව සිදු වූයේ බිමල් රත්නායක අමාත්‍යවරයා යටතේ පැවති වරාය හා ගුවන්සේවා විෂය පථය අනුර කරුණිතිලකට ලබා දීමය.

ජනප්‍රිය පුවත්  ජූලියා ජනපති හමුවෙයි!

අනුර කරුණාතිලක යනු කැළණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අනුර කුමාර ජනාධිපතිවරයාට වඩා ජ්‍යේෂ්ඨ සිසුවෙකි. මහන වී සිට සිවුරු හැරදා ගිය ඔහු අනුර කුමාර සමග ගොඩනැගී තිබුණු පෞද්ගලික හිතවත්කමක් හරහා ජ.වි.පෙ.ට සම්බන්ධ වූවෙකි. ඔහු ජනාධිපතිවරයා දෙනු ලබන ඕනෑම උපදෙසක් ක්‍රියාවට නැගීමට සූදානම් අයෙකි. ඒ අනුව, බිමල් රත්නායක අමාත්‍යවරයා යටතේ, කොළඹ වරායේ තෙල් ටැංකි (නැව් වලට ලබාදෙන් තෙල් ගබඩා කර තබා ගන්නා ලද) සම්බන්ධ ව්‍යාපාරික ගනුදෙනුව සඵල කර ගැනීමට නොහැකි වුවහොත්, නුදුරු දිනකදී එය ඉටු කිරීමට අමාත්‍ය අනුර කරුණාතිලක කටයුතු කරනු ඇතැයි පැවසේ. පැලවත්තේ බිමල්ලා දෙහිවල ප්‍රමිෂ්කා හමුවේ කැපී ගොස් ඇත්තේ මේ අයුරිනි.

බිඟුන් විදර්ශන underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x