October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

බැංකු කඩා වැටීමේ අවධානමක්!!

1 min read

රජයේ වියදම් පියවා ගැනීම සඳහා දිගින් දිගටම මූල්‍ය වෙළඳපොලෙන් ණය ගැනීම හා කල් ඉක්ත් වූ භාණ්ඩාගාර බැඳුම්කර පොලිය ගෙවීම සඳහා ද වැඩි පොළියට මූල්‍ය වෙළෙඳපොලොන් ණය ගැනීමට කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු බරපතළ මූල්‍ය අර්බුදයක පාමුලට පැමිණ ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මීට අමතරව, බැංකු පෝෂණය කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කඩා වැටීම විසින් ද අතිරේක පීඩනයක් රාජ්‍ය බැංකු වෙත එල්ල වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන Advocate ආයතනයේ ප්‍රධානියකු පවසා ඇත්තේ මීලඟ අර්බුදය පිපිරෙන්නේ බැංකු කඩා වැටීමෙන් බවයි.

සාමාන්‍යයෙන් මෙබදු අර්බුදයකදී, කාරණා 5ක් සිදුවන බව පෙන්වා දුන් ඔහු ඉන් පළමුවැන්න විදේශ විනිමය අර්බුදය බවත්, දෙවැන්න විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව රට බංකොලොත් වීම බවත්, තෙවැන්න බැංකු කඩා වැටීම බවත්, හතරවැන්න දේශපාලන අස්ථාවරත්වය හා ගැටුම්කාරීත්වය බවත්, පස්වැන්න මානුෂිය අර්බුදය බවත් අවදාරණය කළේය.

මෙහි බැංකු කඩා වැටීම පමණක් ශ්‍රී ලංකාවේදී සිදු නොවුණු බව පෙන්වා දුන් ඔහු අර්බුදය ඇතිවීමේ අවධානම ආරම්භ වන්නේ බැංකු කඩා වැටීමෙන් බවද පෙන්වා දුන්නේ ය.

දර් ශන ලංකේෂ්වර underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x