පොහොට්ටුව කවදාවත් මාලිමාවට විකල්පය නෙවෙයි.
1 min read
පොහොට්ටුව කවදාවත් මාලිමාවට විකල්පය නෙවෙයි. ඒ වගේම නාමල් ඊලග විපක්ෂ නායකයාත් නෙවෙයි.
ඒකට හේතුව දැන් කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම, ආණ්ඩුව කොතරම් දක්ෂ සහ ශූර විදියට මාකට් කළාද බලන්න.
ප්‍රභාකරන් තරමටම මේ පාතාලයේ, බයට රට ඉදපු, යූටියුබ් චැනල් වලට කෝල් අරන් පිස්සෙක් වගේ පම්පෝරි ගහන, අවුරුදු විසි ගානක පොරක් උඩට ඉස්සුවා.
හතුරා උස්සන තරමට තමයි වීරයා පොරක් වෙන්නේ. රාමායනයේ ඉදලා හැම වීර කතාවකම වුනේ ඒක.
ඊටපස්සේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හරහා මේ සම්පූර්ණ සිදුවීම පොහොට්ටුවට බැහැර කළා.
කොතරම් ශූර දේශපාලනික සහ සන්නිවේදන මෙහෙයුමක්ද ? සිරස, සියත නැරෙට්වි එක හැදුවේ කොහොමද ?
අපේ ප්‍රතිවාදියා වුනත් ඔවුන් මේ වැඩේට අතිශය දක්ෂ බව පිළිගත යුතුයි.
ඒක තමයි 2025 දී විපක්ෂයටත් අවශ්‍ය දේශපාලනය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන ජාතික ලයිස්තු අපේක්ෂකයා මාලිමාවේ නොවුනු රටක, මේ අවුරුදු ගානකට කළින් ප්‍රාදේශීය සභාවේ හිටියාය කීම පොහොට්ටුවේ ජාතික දේශපාලනයට හෝ නාමල්ට සම්බන්ධ වීමට හේතුවක් නෙවෙයි.
ඔය 2019 දිනපු පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය 2024 දී උදව් කළේ මාලිමාවට.
ඔය කියන බුවා 2024 පොහොට්ටු අපේක්ෂකයෙක්වත් නෙවෙයි. (එහෙම වුනා නම් මෑන් අද මාලිමාව එක්ක සභා හදන්න ඡන්දෙ දෙන්නත් තිබුණා)
මේක ඉතාම සරල තර්කයක්.
හැබැයි ඒ පණිවිඩය පැහැදිලිව රටට සන්නිවේදනය කරන්න නාමල්ට පුලුවන් වුණාද ?
නාමල් එලියට ඇවිල්ලා හෝ සංවිධානාත්මකව ඒ මඩ බිඳලා දාන්න පුලුවන් වුණාද ?
තමන්ට මාධ්‍යයෙන් මඩ නොගහා වැරද්දක් තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අභියෝග කරන්න පුලුවන් වුණාද ?
මේ කන්ටේනර් දෙක නිදහස් වූ ආකාරය ගැන වගකීමෙන් රජය නිදහස් වෙද්දී, ඒ ගැන සාක්ෂි එක්ක ඇත්ත මතු කරන්න ඔවුන්ට පුලුවන් වුණාද ?
වරායෙන් කවදාවත් කුඩු, අයිස් එන්නේ නෑ කිව්වේ ආණ්ඩුව. නමුත් අවසානයෙ කන්ටේනර් දෙකක් පිරෙන්න අයිස් (සෑදීමට ගන්නා මූලද්‍රව්‍ය) ඇවිල්ලා. මේ ගැන ප්‍රශ්න කරන්න පොහොට්ටුවට පුලුවන් වුණාද ?
පාතාල මර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවයක්. එය සාර්ථක වෙන්නේ සම්පූර්ණ පාතාලයම මර්ධනය කිරීමෙන්. නමුත් අර ඩුබායි වල ඉදලා ජනාධිපතිතුමාට මේක මුන් කරන්න දෙන්නෑ කියපු පාතාල මහත්මයා ගැන ආණ්ඩුව කිසිදු පියවරක් අරන් නැහැ. ගන්නවා පේන්නෙත් නෑ. ඒවා මිනිස්සු අතර සංවාදයක් හදන්න පොහොට්ටුවට පුලුවන් වුණාද ?
නැහැ!
එවැනි සරල දේශපාලනික සහ සමාජ මාධ්‍ය මෙහෙයුමකට හෝ ඔවුන් අසමත්.
(වර්තමාන දේශපාලනය කියන්නේ ජාතික දේශපාලනයේ මතයක් සමාජ මාධ්‍යයට ගෙන ඒම නෙවෙයි. එහෙම වුණේ 2015 ට කළින්. අලුත් දේශපාලනය කියන්නේ සමාජ මාධ්‍ය ලයින් එක තමන්ගේ දේශපාලනයට අවශෝෂනය කරගෙන ඊට හැඩ ගැසීම. මාලිමාව ආණ්ඩුවක් පවා කරන්නේ ඒ විදියට. ඒක තමයි සාර්ථක, හරි ක්‍රමය)
නාමල් සමග සිටිනවා වගේ පෙනෙන, ඔහුගේ කණ්ඩායම කරන්නෙත් නාමල් අභිමානයෙන් ඇවිදින වීඩියො, කාර් වලින් බහින වීඩියො, මිනිස්සු බදා ගන්න වීඩියො වලට පසුබිමට සිංදු එක්ක හදලා දාන එක.
ඔවුන්ට අනුව සමාජ මාධ්‍ය දේශපාලනය යනු එය.
ඒ තමයි ඔවුන්ගේ දේශපාලනික කියවීම. ඒ තමයි ඔවුන්ගේ බුද්ධි මට්ටම.
ඉතින් එහෙම කණ්ඩායමක් මාලිමාවේ ප්‍රධාන සතුරා වීම කියන්නේ බන්දේසියක තියලා අනුර නැවත ජනාධිපති කරවීම.
මේ මොහොතේ ආණ්ඩු විරෝධි බලවේග වලට ආණ්ඩුවේ විසංවාද මතු කිරීම සහ විපක්ෂය ආරක්ෂා කිරීම යන දෙකම කරන්න බැහැ.
විපක්ෂයට ආණ්ඩුවේ අවුල් පෙන්වා දිය නොහැකි නම්, අවම වශයෙන් ඔවුන්ට එල්ල වන ප්‍රහාර වලින් ආරක්ෂා වීමට හෝ හැකියාවක් තිබිය යුතුයි.
අනුරගේ ප්‍රතිවාදියා විය යුත්තේ අවම වශයෙන් අනුරගේ ප්‍රහාරයෙන් තමන් ආරක්ෂා කරගන්න පුලුවන් කණ්ඩායමක්.
නැත්නම් මේ සියල්ල ගඟට ඉනි කපනවා වගේ අපතේ යවන්න මාලිමාවට අවශ්‍ය වෙන්නේ පොඩි කැම්පේන් එකක් විතරයි.
(උපුටා ගැනීම Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්)