පොලිස්පතිට එරෙහිව නීතිඥ සංගමයෙන් මෙහෙයුමක්!
1 min read
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.
පසුගිය දා ගල්කිස්ස උසාවි භූමියේ ප්‍රවීන නීතිඥවරයකු හා ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිදුවීමේ දී පොලිස්පතිවරයා ක්‍රියා කළ ආකාරය හේතුකොටගෙන මෙම යෝජනාව ගෙන ඒමට එම සංගමය තීරණය කර ඇත.
මෙම යෝජනාව ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නීතිඥයකු අප හා පැවසුවේ ය.
ගාමිණි රණවීර Underground වාර්තාකරු




