March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාතාල සිදුවීම් අඩු අපි බොහෝ සිදුවීම් වළක්වන නිසා!

1 min read

මෙරට පාතාලය සිදුකරන ඝාතන පිළිබඳ කතා කිරීමේදී පොලිසිය වළක්වා ඇති සිදුවීම් පිළිබඳවද සලකා බැලිය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි.

පොලිසිය සිය මෙහෙයුම් මගින් විශාල සිදුවීම් ප්‍රමාණයක් වළක්වා ඇති බවත් මේ මට්ටමට හෝ එම සිදුවීම් පාලනය වී ඇත්තේ ඒ නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවැනි සිදුවීම් ඕනෑම රටක සිදුවන බවත් තමන් එහි වගකීම භාරගැනීම මග නොහරින බවත් සජීව මැදවත්ත ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ දිගින් දිගටම ශ්‍රී ලාංකික පුරවැසියන් අධි ආරක්ෂිත කලාපවල පවා ඝාතනය වීම මගින් රටේ මහජන ආරක්ෂාව භාරව තිබෙන පොලිසියේ අසමත්කම පිළිබිඹු නොවන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු ලෙසිනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x