නුවර නිලමෙත් දාන්න ආණ්ඩුව බරටම වැඩ!
1 min read
නුවර දළදා මාලිගාව බාර දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේ ඡන්දයෙන්, තමන්ට අවශ්‍ය පුද්ගලයා දියවඩන නිලමේ බවට පත් කිරීමට නොහැකි වුවහොත් ඊට අදාළ පනත් කොටුම්පත වෙනස් කර හෝ එම නිලමේ තනතුර තමන් අතට හිමිකර ගන්නා බව ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයකු වූ බිමල් රත්නායක පෞද්ගලික සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබේ.
මෙතෙක් දියවඩන නිලමේ ලෙස කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට එම ධුරය සඳහා තරඟ වැදීමට ඉදිරිපත් වීමෙන් වළකින් මෙන් විවිධ මාර්ගයෙන් තර්ජනාත්මක පණිවිඩ ආණ්ඩුව විසින් යොමු කර ඇත. එහෙත් එම අනතුරු ඇඟවීම නොසළකා හැර තමන් අදාළ තරඟයට ඉදිරිපත් වීමට දෑල බණ්ඩාර මහතා තීරණය කර තිබේ.
ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු, වැඩබලන දියවඩන නිලමේ තනතුරට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු පත් කිරීමට සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි උත්සාහ කර තිබේ. එහිදී මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දෙනම සිය අත්සන් තබා ලිඛිතව ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ වෙනත් කිසිවකු නොව, වැඩ බලන දියවඩන නිලමේ තනතුරට හිටපු දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාව පත් කළ යුතු බවය. ඒ අනුව ඒ මහතා මේ වන විට වැඩබලන දියවඩන නිලමේ වශයෙන් කටයුතු කරයි.
මේ තත්වය හමුවේ කුපිතව ඇති බිමල් රත්නායක මහතා, මහනුවර දියවඩන නිලමේ තනතුරට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුවට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවත්, ඒ මාර්ගයෙන් හෝ එම නිලමේ තනතුර තමන්ගේ පාලනයට නතු කර ගන්නා බවත් ප්‍රකාශ කර තිබේ. මෙම තත්වය පිළිබඳව මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු බලවත් කණස්සල්ලට පත්ව සිටිතැයි වාර්තා වේ.