“නන්දන අයියා ” බරටම වැඩ !
1 min read
ජනාධිපති අනුර දිසානායක, “නන්දන අයියා” යනුවෙන් තවමත් ආමන්ත්‍රණය කරන්නේ නන්දන ලොකුවිතානට ය. ඔහු රාජපක්ෂ ආණ්ඩු සමයේ මූල්‍ය විශුද්ධිකරණ ඒකකයට කිහිප වරක් කැඳවන ලද රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන ප්‍රධානියෙකු ලෙස හංවඩු ගසන ලද ප්‍රධාන ව්‍යාපාරිකයකු ලෙස ලේබල් ගතව සිටියේය. වරෙක රංජන් රාමනායක ඩුබායි හි පිහිටි “මැරියට්” තරුපහේ හෝටලය ඉදිරිපසට ගොස් සජීවී වීඩියෝ පටයකින් කියා සිටියේ නන්දනලා හරහා රාජපක්ෂලාගේ සල්ලි වලින් හෝටල් තනා ඇත්තේ මේ ආකාරයට බවය.

පසුව පැමිණි යහපාලන සමයේ ද මේ නන්දන, හොරණ ප්‍රදේශයෙන් අක්කර බර ගාණක රජයේ ඉඩමක් ඉතා අඩු මිලට ලබා ගත්තේ, එවකට අමාත්‍යවරයකු වූ හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමීපතමයකු වූ මලික් සමරවික්‍රමගේ උදව් ඉහළින්ම ලබාගෙනය. මලික්-නන්දන අතර ඒ හරහා ඇති වූයේ බිඳහෙළිය නොහැකි මට්ටමේ () මිත්‍රත්වයකි. නන්දන අති අති විශාල ටයර් කම්හලක් ද ආරම්භ කළේ එම භූමිය යොදා කරගෙන ය.


දැන්, මලික් සමරවික්‍රම ඉන්නේ රනිල් සමග නොව අනුර සමගය. රනිල්ගේ පළමු තේරීම සාගල වූ නිසාත්, සාගල හා රනිල් අතර ඇත්තේ සමනය කළ නොහැකි තරමේ බැඳීමක් නිසාත්, පසුගිය ජනාධිපතිවරණයට පෙර සමයේ සිට විවිධ ව්‍යාපාරිකයින් මුණ ගස්වා අනුරගේ ඡන්ද ව්‍යාපාරයට අවශ්‍ය කෝටි ගණන් මුදල් සොයා දීමට මලික් සමරවික්‍රම නොමසුරුව ක්‍රියා කළේය. මෙසේ මලික් විසින් අනුරට හඳුන්වා දුන් එක් ව්‍යාපාරික මිතුරකු වූයේ නන්දන ලොකුවිතාන ය.

දැන් නන්දන හා අනුර ඇත්තේ දැඩි මිත්‍රත්වයකි. අනුර නන්දනට අමතන්නේ “නන්දන අයියා” කියාය. නන්දන අනුරව අන්දවා ඇත්තේ පොළොවේ පතුල නොපෙනෙන මට්ටමට ය. පසුගිය දා පරීක්ෂා කර බැලීමකින් තොරව රට තුලට නිදහස් කළ කන්ටේනර් 323 තුල නන්දනගේ Ceylon Steel Corporation LTD වෙත අයත් කන්ටේනර් බර ගාණක් ද ඇතුලත්ව තිබුණේ අහම්බයකින් නොවේ.
පසුගිය දිනවල කොළඹ කොටස් වෙළඳ පොළ තුළ සිදු වූ විදේශ ආයෝජකයන්ගේ කොටස් විකිණීම හා ඔවුන් කොළඹ කොටස් වෙළඳ පොළ අතහැරයාම වේගයෙන් සිදු විය. ඒ අතරම, ට්‍රම්ප්ගේ නවතම “ටැරිෆ්” බදු ප්‍රතිපත්තිය ද මේ අවිනිශ්චිතතාවයට තදින්ම බලපෑවේය. එසේ තිබියදී නන්දන ලොකුවිතාන තම සමාගමක් වූ Ceylon Steel Corporation LTD වෙත H.N.B. බැංකුවේ විශාල කොටස් ප්‍රමාණයක් එකවර මිල දී ගැනීමට කටයුතු කළේය. එමගින් බිඳ වැටෙමින් තිබූ කොටස් වෙළඳ පොළෙහි තරමක පිබිදීමක් පෙන්වන්නට හැකියාව ලබාගෙන තිබුණි. මෙම ගනුදෙනුව සිදු කර තිබුණේ BOI වර්ගයේ සමාගමක් හරහාය. එය වටිනාකමින් රු. බිලියන 9 ක පමණ මුදල් හුවමාරුවකි.
පසුගිය ජනාධිපතිවරණ හා මහමැතිවරණ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට ද ජ.වි.පෙ. වෙනුවෙන් නන්දන විශාල මුදලක් වැය කර තිබුණි. මලික් සමරවික්‍රමද අනුර ජනාධිපතිගේ හොඳම ව්‍යාපාරික මිතුරකුව සිටින බැවින්, මෙම ව්‍යාපාරික මිතුරු ජාලය ඉතා හොඳින් සක්‍රීයව පවතින බව පැහැදිලිය. පැලවත්ත මේ සමහර තොරතුරු දැන සිටියත්, දැන් ඉන්නේ තමන් ඒවා නොදන්නා ගානට ය.
කමල් කාරියප්පෙරුම (විශේෂ වාර්තාකරු)
UnderGround