නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!
1 min read
ආණ්ඩුව දැන් ගමන් කරමින් තිබෙන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරාය. ඒ සඳහා කළ යුත්තේ, ආණ්ඩුවේ නිල මර්දනකාරී යාන්ත්‍රණය තමන්ට උවමනා පරිදි යළි සකස් කර ගැනීමය. දැන් එය ලහි ලහියේ සිදු කෙරේ.
ජාතික පොලිස් කොමිසම විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුකිරීම් පිළිබඳ බලය පොලිස්පතිවරයාට ලබා දුන්නේ ඒ අනුවය. දැන් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් වැඩ කරනු ඇත්තේ තම “මාරුකිරීම” ගැන බිය හේතුකොට ගෙනය. “ජ.වි.පෙ.ප්‍රාදේශීය නායකයන්ගේ රූකඩ බවට පත්වනු ! නැත්නම් ඈතට මාරුවෙනු !” යන්න මෙහි සඳහන් පණිවිඩය වේ.
ඊළඟට දැන් ආණ්ඩුව කරමින් සිටින්නේ අධිකරණය තමන්ට රිසි පරිදි සකස් කර ගැනීමේ කාර්යය ය. ඒ අනුව, දැන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස මීට දින කිහිපයකට පෙර පත් කර ඇත්තේ අසංක ශ්‍යාමල් බෝදරගමය. මොහු ජ්‍යෙෂ්ඨතාවයෙන් සිටින්නේ 53 වැනි ස්ථානයේය. ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් බොහෝමයක් ඈත එපිට උසාවි වලට මාරු කර දමා කණිෂ්ඨ විනිසුරන්ගෙන් තීරණාත්මක වැදගත් කමින් යුත් ස්ථාන පිරවීම ආණ්ඩුවේ සැලැස්ම වී තිබේ. මෙම විනිසුරුවරයා කලක් වත්මන් අධිකරණ ඇමැතිගේ කණිෂ්ඨ නීතිඥයා වශයෙන් ද කටයුතු කර තිබේ.
මීට අමතරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ 04 කට නව අතිරේක මහේස්ත්‍රාත්වරුන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කර ඇත. ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 02 අධිකරණයේ නව අතිරේක මහේස්ත්‍රාත් ලෙස නිලාන් ඩිලාන්ත රූපවිතාන ද, අංක 03 අධිකරණයේ නව අතිරේක මහේස්ත්‍රාත් ලෙස ලහිරු නිර්මාල් සිල්වා ද අංක 04 අධිකරණයේ නව අතිරේක මහේස්ත්‍රාත් ලෙස නුවන් කෞශල්‍ය, අංක 06 අධිකරණයෙහි නව අතිරේක මහේස්ත්‍රාත් ලෙස ඕසද විදාර වලල්ලාවිට ද පත් කර ඇත. මේ සියල්ලෝම ජ්‍යෙෂ්ඨත්වය අතින් කණිෂ්ඨයෝ වෙති.
කණිෂ්ඨ විනිසුරන්ට මෙබදු ඉහළ තැන් දුන් පසු ඔවුන් ආණ්ඩුවේ කැමැත්ත නීතියේ කැමැත්ත බවට පත් කිරීම ගැන අප පුදුම විය යුතු නැත. ඉදිරියේ දී දේශපාලන කෝන්තර මත අත් අඩංගුවට ගන්නා කිසිවකුට ‘ඇප’ දීමට නීතියෙන් ප්‍රතිපාදන තිබුණ ද ඇප ලැබෙතැයි බලාපොරොත්තු විය නොහැක ඉන් පසුව ඇති ඉහළ උසාවියද මේ ආකාරයෙන් යළි සකස් කළ (Re-set) විට එමගින්ද ඇප ගැනීම සිහිනයක් පමණි. ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය යනු මෙය මිස අන් කුමක්ද?
නඩුත් ආණ්ඩුවේ, බඩුත් ආණ්ඩුවේ වූ කළ, රටට අත්වනු ඇත්තේ කවර ඉරණමක් ද? මෙම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට අතු ඉති දලලා වැඩෙන්නට ඉඩ දී බලා සිටියහොත් මෙය කෙළවර වන්ය් ඇත්තේ කොතනින්ද? වගකිවයුතු රටවැසියනි! වහාම සිතන්න! ක්‍රියාත්මක වන්න!