ධර්ම දේශනාව අවලංගුයි! බුදු පිළිමයත් අතුරුදන්! “සාදු” කියන්න පින්වතුනි!
1 min read
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරුන් රැස්ව සිටින ”මන්ත්‍රී කාමරය” තුළ දිගු කලක් තිස්සේ පැවැති බුදු පිළිමය එහි ”පුනරුද” නගරාධිපතිවරයාගේ නියෝගය පරිදි ඉවත් කර තිබේ. එමෙන්ම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ බෞද්ධ සංගමය විසින් මාසිකව පවත්වාගෙන ආ ධර්ම දේශනාව පැවැත්වීමද වහාම ක්‍රියාත්මක වන පරිදි නගරාධිපතිවරයා විසින් නතර කර ඇත. මෙම ක්‍රියාවට එරෙහිව විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක් විසින් එහි මහසභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින් නාගරික ලේකම් නිරූපා අරුණ කුමාරි විසින් අදාළ මන්ත්‍රීවරයාට යොමු කරන ලද ලිපියකින් මේ බව පැහැදිලි කර දී තිබේ. එහි සඳහන් වන්නේ, ”අප සභාව වෙත තේරී පත් වී ඇති සභිකයින් විවිධ ආගම් නියෝජනය කරන බැවින් එක් ආගමක් කෙරෙහි විශේෂත්වයක් කොට සැලකීම ගැටළුකාරී විය හැකි බැවින් මන්ත්‍රී කාමරය තුල ස්ථාපිත කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළ බවත්, මෙම සභාවේ සේවය කරන නිලධාරීන්, සේවකයින් විවිධ ආගම් නියෝජනය කරන බැවින් එක් ආගමක් පමණක් ඉස්මතු වන පරිදි කටයුතු කිරීම සුදුසු නොවන බැවින් හා එකී ධර්ම දේශනාව රාජකාරී වේලාව තුල පැවැත්වීමට කටයුතු යොදා තිබීම විසින් එය රාජකාරී කටයුතුවලට බලපෑමක් විය හැකි බැවින් මාසිකව පැවැත් වූ ධර්ම දේශනාව නතර කිරීමට සිදු වූ බව ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙයින් දැනුම් දෙන..” බවයි
ඒ අනුව, දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව ආගමික ස්ථානයක් බවට පත් කර ඇතැයි එහි විපක්ෂ මහජන නියෝජිතයෝ පෙන්වා දෙති.
යම් හෙයකින් මහනුවර නගර සභා බල ප්‍රදේශයේ වෙසෙන බහුතරය මුස්ලිම් හෝ වෙනත් ජනකොටසක් වුවහොත්, ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු හා වාර්ෂික පෙරහැර ද මේ න්‍යාය අනුව නතර කල යුතුව තිබේ. ජ.වි.පෙ. ක්‍රමාණුකූලව කටයුතු කරමින් ඇත්තේ, ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය අහිමි කරමින් හා එය ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම අත හරින ආකාරයෙන් බව මේ අනුව පැහැදිලි වේ.
විජය ශ්‍රී ගුණරුවන්
Lanka Underground
