October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

දෙමාපියනි, ගුරුවරුනි, දැන් සැපද?

1 min read

මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා රාජ්‍ය සේවකයන් 80% පමණ ඡන්දය භාවිතා කළා.
මේ අතරින්ද තවත් විශේෂ ගාමක රාජ්‍ය සේවකයන් කණ්ඩායමක් හිටියා.
ඒ ගුරුවරු.


රජයේ පාසල් වල සේවය කරන ගුරුවරු මාලිමාව බලයට ගෙන ඒම සඳහා දැඩිව කැපවුණා.
යථාර්ථය නම් ගුරුවරුන්ගේ ඡන්ද 90% පමණ වැටුණේ අනුර කුමාරට.
ඉන් එහා ගිහින් ඡන්ද පොළේදී, ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී පවා ඔවුන්, අනුර සහ මාලිමාව වෙනුවෙන් උපරිම සහය ලබා දුන්නා.


දැන් ගුරුවරුන්ගේ ඡන්දය ලබා ගත් අනුර කුමාර, ජනාධිපති ධූරයට පත් වී වසරකටත් වැඩියි.
නමුත් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා, වැටුප් වර්ධක පිළිබඳ සාකච්ඡාවක් හෝ නැහැ. අද ඔවුන්ට ගුරුවරු මතක නැහැ.


එවැනි පසුබිමක මෙරට රජයේ පාසල් වල ගුරුවරු දංගෙඩියට දක්කා ගෙන යන අපූරු පනතක් අද ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
……………. …………….. ……………. ……………. ……………. …………….


ළමා හිංසනය වරදක්. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. අප සියලූම දෙනා ළමයින්ට හිංසා කිරීම, අතවර කිරීම සහ ඔවුන් මෙහෙකාර සේවයේ යෙදවීමට දැඩිව විරුද්ධයි.
ඒ ගැන කිසිම තර්කයක් නැහැ.


කොටින්ම ළමා හිංසනයට විරුද්ධව සමස්ථ ලෝකයේම හොඳම සහ ශක්තිමත්ම නීති පවතින රටක් ශ්‍රී ලංකාව.
G.L පීරිස් ලාට එහි ගෞරවය හිමිවිය යුතුයි.


එවැනි පසුබිමක අද මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පණත ළමා හිංසනයට විරුද්ධ පනතක් නෙවෙයි.
ශාරීරික හිංසනය කොහොමත් ශ්‍රී ලංකාවේ අපරාධමය වරදක්. එය තහනම් කිරීමට අලුත් පනතක් අවශ්‍ය නැහැ.


එහෙනම් මේ කඩිමුඩියේ අලුත් පනතක් ගෙන ආවේ මොකද ?
ඒ තමයි ආණ්ඩුවේ උපක්‍රමය


මේ පනත මගින් වාචිකව උපදෙස් දීම පවා ‘ළමා හිංසනයක්’ ලෙසට අර්ථකතනය කරනවා.
එය මේ කාලයේ ලෝකය පුරාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන රැඩිකල්, වාමාංශික, වෝක් සංකල්ප මත ගොඩනැගුණු විකෘති පනතක්.


මේ පනත අනුව දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට පවා දරුවන්ට අවවාද සහ උපදේශ ලබා දිය නොහැකියි.


එය දරුවන්ගේ මානසිකත්වය බිඳින ‘අපරාධ’ වරදක් ලෙස නිර්වචනය විය හැකියි.
ළමයෙකුට ලබා දෙන උපදේශයක් ඔවුන්ව වාචිකව හිංසාවට ලක් කිරීමක්, අපචාරයක් ලෙස මේ පනතේ නිර්වචනය කෙරෙනවා.
මේ සඳහා මුල්කොට තිබෙන්නේ ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ පනත්.
එම රටවල් වල වෝක් සුලඟ සමග මෙවැනි විකෘති නීති සම්මත වුණා.
ඒ අනුව දරුවෙකුට උපදෙසක් දීම පවා දෙමාපියන් සිරගත විය හැකි, දෙමාපියන්ගෙන් දරුවන් ඉවත් කරන ක්‍රියාවක්.
මේ පනත සම්මත වූ පසු ගුරුවරුවන්ට පාසලේ දී දරුවන්ට නිසි දඬුවමක් තබා කිසිඳු ඔවදනක් හෝ ලබා දිය නොහැකියි.
ඇට්ටර දරුවෙකුට, එය ළමා හිංසනයක් ලෙස පැමිණිලි කිරීමේ බලය මේ පනතෙන් ලැබෙනවා.
දරුවන් යනු ඉතාම බුද්ධිමත්ව සහ පරිස්සමින් රැක බලා ගනිමින් ගොඩනැගිය යුතු සම්පතක්.
ඔවුන් විනයගත කළ යුතුයි. ඔවුන්ට හරි වැරැද්ද තෝරා දිය යුතුයි. ඔවුන්ට මග පෙන්වා දිය යුතුයි.
බාහිර සමාජයෙන් ‘හොඳ නරක’ ඉගැනීමට පෙර පවුලෙන් සහ පාසලෙන් දරුවන් ශික්ෂණය කළ යුතුයි.


කිසිඳු දෙමාපියෙකු හෝ බහුතර ගුරුවරුන් දරුවන්ට උපදෙස් දෙන්නේ, ඔවදන් දෙන්නේ ඔවුන් නිවැරදි කිරීමට මිසෙක ඔවුන්ට වෛර කරන නිසා නොවෙයි.
හෝමෝ සේපියන් ලා පරිනාමය වූ කාලයේ සිටම වැඩිහිටි පරම්පරාවෙන්, දරුවන්ට දැනුම සහ ශික්ෂණය ලබා දුන්නා.


ඒ ශික්ෂණය මානව වර්ගයාගේ ඉදිරි ගමනට විශාල හේතුවක් වුණ.
නමුත් ජීවිතය පුරාවටම පවුල් ජීවිතයක් ගත නොකළ, දරුවන් නැති, අම්මා කෙනෙකුගේ හැඟීම නොතේරෙන හරිනි ලා, කෞෂල්‍යා ලා, ලක්මාලි ලා ට එය වැටහෙන්නේ නැහැ.
මේ පනතේ නිර්මාතෘන් ඔවුන්.


තමන් රටේ කැබිනට් අමාත්‍යධූරයක් භාර ගන්නා මොහොතේ ඊට සුබ පැතීමට නොපැමිණි සැමියෙක් සිටිනා, ආදරණීය සහ උණුසුම් පවුල් ජීවිතයක් නොමැති සරෝජා පෝල්රාජ් ලාට පවුලක බැඳීම සහ වටිනාකම වැටහෙන්නේ නැහැ.


ජීවිත කාලය පුරාම වෘත්තීය සමිති තුළ දේශපාලනය කළ, පාසලක උගන්වා නැති මහින්ද ජයසිංහ ලාට ගුරුවරයෙකු දරුවෙකුට ආදරය කරන තරම වැටහෙන්නේ නැහැ.
දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම වැටහෙන්නේ නැහැ.


පවුලෙන් සහ පාසලෙන් එළියේ ලෝකය දරුවෙකුට සුන්දර නැහැ.
එක් පැත්තකින් මත්ද්‍රව්‍ය. අනෙක් පැත්තෙන් පාතාලය.


තවත් පැත්තකින් සමාජ ජාලා. ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද බිලි ගැනීමට මාන බලනා සමාජයක් එළියේ සිටිනවා.


වැඩිහිටියෙකුගේ අවවාද සහ මගපෙන්වීම නොමැති දඩබ්බර දරුවන්ට වර්තමාන ලෝකයේ කිසිම රටක පැවැත්මක් නැහැ.


ඇමෙරිකාව මේ විකෘති වෝක් නීති ඉවත් කළේ ඒකයි.
දරුවෙකු නිවැරදිව ගොඩනැගීමේ බලය දෙමාපියන්ට හිමිවිය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමෙරිකානු රජය කියනවා.


මෙවැනි පනත් මගින් මානවයා තවදුරටත් ‘මෘදු’ කරනවා. ඔවුන් ගැටලු සහ ප්‍රශ්න දරාගත නොහැකි පුයර බබාලා කරනවා.
එය තරගකාරී ලෝකයේ ඔවුන්ට කරනා උදව්වක් නොවෙයි. එය දරුවන්ට කරනා විනාශයක්.
මෙවැනි වෝක් නීති ඉවත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අපූරු කතාවක් කිව්වා.
කුඩා කල සිටම දරුවන් පුහුණු කරනා රුසියාවේ පිරිමි දරුවන් ලොව හොඳම මල්ලව පොර ශූරයන් වෙනවා. ගැහැණු දරුවන් ලොව හොඳම ජිම්නාස්ටික් ශූරියන් වෙනවා.
චීනයෙන් ටේබල් ටෙනිස් ශූරයන් බිහිවෙනවා.


නමුත් ඇමෙරිකාවෙන් බිහිවන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, රටක් ගොඩනැගීමට තරම් ශක්තියක් නැති දුර්වල ජාතියක් බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.


දරුවන්ට දෙමාපියන් තරම් ආණ්ඩුව ආදරේ ය කීම තනිකර විහිලුවක් බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.
දරුවන් ‘ස්පොයිල්’ කිරීම ඔවුන්ට කරනා උපකාරයක් නොව, විනාශයක් බව ට්‍රම්ප් කිව්වා.
නමුත් අද ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කරන නීති, 2025 දී ශ්‍රී ලංකාවේ සම්මත වෙනවා.
මේ නීතිය සම්මත වූ පසුව ගුරුවරයෙකුට පාසලේ සම්මත විනය පවත්වා ගැනීම, නීති විරෝධියි.
දරුවෙකුගේ කොන්ඩා මෝස්තරය ඉවත් කිරීමට උපදෙස් දීම සිරගත විය හැකි වැඩක්.
තවදුරටත් ගැහැණු දරුවෙකුගේ ගවුමේ දිග තීරණය කරන්නේ ඇය මිසෙක පාසල නොවෙයි.
පච්චා කෙටීම වැනි දෑට පවා විරුද්ධ වීමට ගුරුවරුන්ට හැකියාවක් නැහැ.


බටහිර පැවැති ක්‍රමයේ දී දෙමාපියන්ට එරෙහිව පැමිණිලි කර, දෙමාපියන් නිවසෙන් ඉවත් කිරීමේ බලය හෝ දෙමාපියන්ගෙන් ඉවත් වීමේ බලය දරුවන්ට හිමිවෙනවා.
මේ පනතින් එම බලය ශ්‍රී ලංකාවේ දරුවන්ටත් හිමි වෙනවා.
ඔබට ළමා කාලයක් තිබෙන්නට ඇති.


ඔබගේ දෙමාපියන් ඔබට තරවටු කරන්නටත් ඇති.
නාහෙට නාහන කාලයේ ගෙදරින් පැන යාමට ඔබ සැලසුම් කරන්නටත් ඇති.
නමුත් එවකට සමාජය ඒ සඳහා ඔබට හැකියාවක් ලබා දුන්නේ නැහැ.
නමුත් අද ඒ අතීතය සිහිපත් කරද්දි ඔබේ දෙමාපියන් ඔබ වෙනුවෙන් කොතරම් කැපකිරීම් කළාද, ඔබට කොතරම් ආදරය කළාද, ඔබ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයම කැප කළාද කියල ඔබට වැටහෙනවා.


නමුත් එදා ඇට්ටර යොවුන් අවදියේ ඔබට ඒ අවබෝධය තිබුණේ නැහැ.
මේ පනතෙන් සිදුවන්නේ ඇට්ටර යොවුන් වයසේ සිටින , කිසිවක් නොවැටහෙන, දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආදරය නොතේරෙන දරුවන් අතට නොමග යාමේ බලය ලබා දීම පමණයි.
මේ පනත ශ්‍රී ලංකාවේ අනාගතය ඉලක්ක කර ඇටවූ කාල බෝම්බයක්.
මේ පනත සක්‍රිය වූ මොහොතේ සිට පාසලේ විනය ආරක්ෂා කිරීමෙන් ගුරුවරු ඉවත් වේවි.
එයට අකමැති ගුරුවරු සිරගත වේවි.


වල් බූරු නිදහසක් දරුවන්ට හිමිවේවි. හොඳ නරක තෝරා ගත නොහැකි වයසේ සිටිනා දරුවන් ඔවුන්ගේ හෝර්මෝන මගින් උත්තේජනය කරනා මාර්ග සහ විකල්ප තෝරා ගනීවි.
තවමත් මේ රට තුළම වයස අවුරුදු 12, 13, 14 , 15 වයස් වල කුඩා දැරියන් නීත්‍යානුකූලවම විවාහ කෙරෙනවා.


කුඩා දැරියන් විසින් දරුවන් හදනවා.
ඒ නීති ඉවත් කිරීමට කොන්දක් නැති සරෝජා ලා මෙවැනි නීති සම්මත කිරීම විහිලුවක්.
පනත පිළිබඳ සංවාදයේ දී, තවමත් බිරිඳ විසින් ‘සහෝදරයා’ ලෙස අමතන, පවුල් සංකල්පය නොවැටහෙන බිමල් රත්නායක දරුවන් හොද්දක් මෙන් නොවෙයි කිව්වා.


ඔව් බිමල්.
දරුවන් හොද්දක් වගේ නෙවෙයි.
හොද්දක් බෙරි වුනොත් විසි කරලා ආයෙත් හදාගන්න පුලුවන්.
හැබැයි දරුවෙක් නොමග ගියොත් ආයේත් හදන්න බැහැ.
ඒ පවුල, සමාජය වගේම රටටත් ලොකු හානියක්!

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x