January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙන පලියට ගන්න එපා! මහ බැංකු අධිපති කියයි!

1 min read

ණය යනු සහනයක් මිස නොමිලේ ලැබෙන මුදලක් නොවන බවත්, රජය සහනයක් ලෙස හඳුන්වා දුන්නද, මෙය පොලියක් සහිතව නැවත ගෙවිය යුතු ණය මුදලක් බව ව්‍යවසායකයින් වටහා ගත යුතු බවත් මහ බැංකු අධිපත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.


මහනුවර ප්‍රදශෙයේ පැවති උත්සවයකින් අනතුරුව ඒ මහතා මෙසේ සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේද පැවසීය

“මෙතනදි අපි තේරුම් ගන්න ඕනේ එකක් තමයි පළවෙනි කාරණය අපි දකින්නේ ඉතිහාසයේ විශේෂ අවස්ථාවලදි පාස්කු ප්‍රහාරයේදී සංචාරක ක්ෂේත්‍රයට මේ වගේම දුන්නා ලොකු මොනටෝරියම් එකක්. මෙතන නිලධාරියෙක් කිව්වා දීපු නිසා අවශ්‍ය අයයි නොවන අයයි හැමෝම මේ මොනටෝරියම් එක අරගෙන තමන්ට ගෙවන්න තියන ණය ගෙව්වේ නෑ, පොළිය ගෙව්වේ නෑ කියලා. අන්තිමට ණය ගෙවාගන්න බැරිව ඒ සංචාරක ව්‍යාපාරයේ යෙදිලා ඉන්න අය ඉතාම අමාරුවකට පත්වුණා. අපේ පළවෙනි උපදෙස තමයි සහනයක් දෙනවා කියුවාට මේක ණයක් සහ පොළියකුත් තියෙනවා. ඒ නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න. ඕනවට වඩා දෙන නිසා ගන්න එපා.

ජනප්‍රිය පුවත්  ICTA නිසා කෝටි 200කට වැඩි පාඩුවක්!

මේ දෙන්නේ ණයක්. අපි රටක් විදිහට අපි අවුරුදු 20-30ක් තිස්සේ ඕනවට වඩා ණය අරගෙන දැන් ණය අර්බුදයකට ගිහිල්ලා අපි ලොකු ආර්ථික අර්බුදයකට පත්වෙලා. ව්‍යාපාරයක් වුණාත් මේකම තමයි සංසිද්ධිය… තමන්ගේ ව්‍යාපාරයට තමන්ට ගෙවා ගත හැකි ප්‍රමාණයට තමයි ණය ලබා ගත යුත්තේ මේ තමයි පළවෙනි කාරණය

දෙවැනි කාරණය එහෙම අරගෙන ගෙව්වේ නැති වුණාම ඒකේ බරපැන දරන්නේ අනිත් පැත්තෙන් බැංකු තැන්පත්කරුවන් සහ මේකට සම්බන්ධවෙලා ඉන්න වෙනත් තැන්පත්කරුවන් අනිත් එක තමයි ඒකෙන් වෙන්නේ තවත් හොඳට ණයක් ගන්න අවස්ථාව තියෙන කෙනෙක්ට තමන්ගේ අවස්ථාව නැතිවෙන එක. ඒ නිසා ප්‍රධානම කාරණය ණය ගැනීමේදි පරිස්සම් වෙන්න.

ඒ වගේම තමයි අනෙකුත් රජයෙන් දෙන සහන ඒකත් වැදගත්. මේ අවස්ථාවේදී රජය වෙතත් කිසිම අවස්ථාවක දෙනවාට වඩා ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් රජය කියන්නේ කවුද ? රජයට මුදල් නෑ. රජය කියන්නේ ඔබ හැම ව්‍යාපාර කරලා, දුප්පත් මනුස්සයෙක් කඩයට ගිහිල්ලා බඩු අරගෙන ගෙවන වැට් එක කියලා ගෙවන බදු මුදල්. ඒ බදු මුදල් තමයි මේ නැවත බෙදා හරින්නේ.

ජනප්‍රිය පුවත්  ගල්ගමුවේ සිට මහින්ද බලන්න යතුරුපැදියෙන් ගිය පුද්ගලයාට අසාධාරණයක්!

දෙනකොට හිතනවා මේක මට ප්‍රශ්නක් නෑ මේක නොමිලේ දෙන එකක් මම ඒක ගන්නවා කියලා. නොමිලේම දුන්නත් අපි පුරවැසියන් විදිහට වගකීමක් තියෙනවා මේක නොමිලේ දුන්නත් තවත් කවුරුන් හරි අමාරුවෙන් ගෙවපු බදු මුදල්. තමන්ට ඒක අවශ්‍ය නැත්නම් ඒක ඕනවට වැඩිය දෙන නිසා ගන්න ඕනෙත් නෑ. තමන්ට සහනය අවශ්‍ය නැත්නම් ඒක නොගත යුතුයි. මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි තමන්ට අයිති නැති දෙයක් ලබා ගත්තොත් ඒක මේ ආත්මෙදි හරි එන ආත්මෙදි හරි ගෙවන්න වෙනවා. තමන්ට අයිති නැති දෙයක් ලබා ගැනීම, අන්සතු දෙයක් ලබා ගැනීම ඒක ණයක්…. රජයකට අලුතින් මුදල් මවන්න බෑ. එක්කෝ බදු ගහන්න ඕනේ.. කිසිම තැනක මේක නොමිලේ දෙන එකක් කියලා හිතන්න එපා. ඒ ගැන කල්පනාව ඇතුව මුදල් ගන්න එක ගන්න. “

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x