March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා සහන සේවා අද සිට නවතී!

1 min read

ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් අද (27) සිට දිට්වා ආපදා සහන සේවා රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ සහන තක්සේරුව සඳහා නිසි චක්‍රෙල්ඛ නොමැති වීම, පොරොන්දු වූ දීමනා ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සමිති සංගමයේ සභාපති උපුල් කුමාර මහතා පැවසුවේ දිට්වා සහන සැපයීමේ ක්‍රියාවලීය සඳහා නිවැරදි ක්‍රමවේදයක් මෙතෙක් නොමැති බවය.

ඒ අනුව මේ සඳහා සෘජුව මැදිහත්ව සිටින දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම්, ආපදාවේ හානිය පිළිබඳව ඇස්තමේන්තු සකස් කරන තාක්ෂණික නිලධාරී සංගමයත් ඒකාබද්ධව සාකච්ඡා කරමින් මෙම ආපදා සහන සැපයීම සාමාන්‍ය පරිදි සිදු කිරීමේ කාර්ය පිළිබඳව සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් දිට්වා ආපදාවෙන් පසු දින 95ක් ගතව ඇති මේ මොහොත වන තෙක් එම සහන සැපයීම නිවැරදිව සිදුකිරීමට අදාළ කටයුතු සිදුකර ගැනීමට රජයට නොහැකිව ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව මේ සම්බන්ධ සියලුම පාර්ශ්වයන් එක්ව මෙම පියවර ගැනීමට තීරණය කළ බවත්ය.

ජනප්‍රිය පුවත්  කතරගම කිරිවෙහෙර විහාරාධිපතිගේ ආරක්ෂාවත් ඉවත් කරයි!

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සමිති සංගමයේ සභාපති උපුල් කුමාර මහතා,

“අපි ජනාධිපතිවරයාට කියන්නේ දැන් අපිට ලේකම්වරුත් එක්ක සාකච්ඡා අවශ්‍ය නෑ… ලේකම්වරුත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ට මේ ඉල්ලීම් ඉදිරිපත් කරලා අවසානයි. ඒ නිසා මේ වෘත්තිය ක්‍රියාමාර්ගය ගත්තේ දිට්වා ආපදාවෙන් සියලුම ග්‍රාම නිලධාරීන්, සියලුම ආපදා සහන සේවා නිලධාරීන්, සියලුම තාක්ෂණික නිලධාරීන් අද සිට දිට්වා ආපදා රාජකාරිවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා මේ ඉල්ලීම් ටික ලැබෙනකන්. මේ උපදෙස් මාලාව සකස් වෙනකන්, මේ ඉල්ලීම්, මේ දීමනා ලැබෙනකන් අනිවාර්යයෙන්ම ඉවත්වීමේ ක්‍රියාවලියකට අපි යනවා”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x