තාජුඩීන් ඝාතනයට කජ්ජා පටලැවීම බොරුවක්… කජ්ජාගේ පුතා පිටපත කණපිට හරවයි
1 min read
අනුර විදානගමගේ නොහොත් කජ්ජාගේ පුතා වන Induwara Vidanagamage සිය ෆේස්බුක් ගිණුුමේ තබා ඇති සටහනකි.
අනුර විදානගමගේ නොහොත් කජ්ජා තාජුදින් ඝාතනයට සම්බන්ධ බවට පැතිර යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම
2012 වර්ෂයේ මැයි 17 වන දින ඝාතනය වූ රගර් ක්‍රීඩක තාජුදීන් මහතාගේ ඝාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ඝාතනයට ලක්වූ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ඝාතනයට සම්බන්ධ බවට ඊයේ (30) පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත.
පොලිසිය පවසන ආකරයට වසීම් තාජුදීන් පසුපස හඹා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත.
තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ෂණ මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇත. ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජාගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහෝදරයා දැයි අසන්නේ නැත්තේ ඇයි ?
තමන්ගේ දරු තිදේනා හා තමාගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ? අරුණ ප්‍රියන්ත නම් පුද්ගලයා 2012 වර්ෂයේදී මර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහුගේ සමීපතයන් දන්නා කාරණාවක්. එහෙම තත්ත්වයක් තිබියේදි ඇයි ඔහුගේ සහෝදර සහෝදිරියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නෙ නැත්තේ?
තව ද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශනවල සිටින බවට හඳුනා ගෙන ඇත්තේ අංග ලක්ෂණ මගිනි. ඔහු ඉනට අත තබා ගෙන සිටීම මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරණයක්.
තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහ දරු දෙදනා ඝාතනය සඳහා ඔහු හා ඔහුගේ දරු තිදෙනා හැර ගිය බිරිඳ සහා ඔහුගේ අනියම් පෙම්වතා ද සම්බන්ධ බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැති පුද්ගලයාගේ සහෝදර සහෝදරියන්ට ඇත.
අරුණ ප්‍රියන්ත හා දරු තිදෙනා හැර දමා ගොස් සිටි බිරිඳ හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමනායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්අඩංගුවට ගන්නා ලද බැකෝ සමන්ගේ ප්‍රධාන සාමාජිකයෙක් බවට ද සාක්ෂි ඇත.
තවද ඇය අරුණ ප්‍රියන්ත හා දරු තිදෙනා හැර දමා අනියන් පෙම්වතා සමග ඩුබායි රාජ්‍යයට ගොස් අරුණ ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලි සාක්ෂි ද ඇත.
එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මගේ සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට මගේ මව වන අමීශා බෙත්මී ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමනායක සම්බන්ධ බවට පැහැදිලි සක්ෂි ඇත.
මේ ආණ්ඩුව ආපු දවසේ ඉදන් අතේ පත්තු වෙන පච වලින් දුවන්න හදන්නේ
ඒ පිටපත සතියක්වත් දිව්වේ නෑ.. අපරාදේ මහන්සිය