January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජලාශවල වේලි පහළින් නොඇර උඩින් ඇරලා! ජනාධිපතිගෙන් පරීක්ෂණයක්

1 min read

ඇති වූ අධික වර්ෂාපතනය සමග ජලාශවල වේලි විවෘත කිරීමේදී පහළ ප්‍රදේශවල වේලි විවෘත කර, ඉන් අනතුරුව ඉහළ මටටමේ ඇති වේලි විවෘත කළ යුතු වුවත් මෙවර ඉහළ වේලි සියල්ල විවෘත කර, පසුව පහළ වේලි විවෘත කර තිබේ. වාරි ඉංජිනේරුවරු විසින් මෙසේ සිදු කිරීම හේතු කොටගෙන අතිශය විශාල ජල කඳක් ජලාශ වෙතින් ක්ෂණිකව මුදා හැර ඇති අතර, එමගින් සිදුව ඇති විපත බරපතළ වී තිබේ.

ජාතික ජනබලවේගයේ ප්‍රදේශීය බලධාරීන් විසින් මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත දැනටමත් පැමිණිලි කර ඇත. ඒ අනුව, ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x