January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපති නඩු ගැන බියෙන්!

1 min read

ජනාධිපතිවරයා විසින් ‘දිට්වා“ ආපදාවත් සමඟ හදිසි නීතිය පැනවීම හා තවත් ගනු ලැබූ විවිද තීරණ මත බලයෙන් පහ වීමෙන් පසු අධිකරණ ක්‍රියාමාර්ගයක ගොදුරක් විය හැකි බව මාලිමාවට සම්බන්ධ නීතිඥයන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

මේ පිළිබඳව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නීතිඥ උපුල් කුමාරපේලිට ද දුරකථනයෙන් අමතා දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාට සමීපව සිටිමින්, ගැසට් නිවේදන සහ අනෙකුත් කටයුතු පිළිබදව නීතිමය උපදෙස් ලබාදෙන මෙන් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා ඉල්ලා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු අධිකරණයේ නඩු පවරන ලද අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට එරෙහිව පැවැති නඩු විභාග වෙතින් වරදකරු බවට ද පත්විය. මේ තත්වය තුළ ජනාධිපති අනුර කුමාර ගනු ලබන ඇතැම් තීරණ හේතුකොට ගෙන ඉදිරියේදී අධිකරණය හමුවේ වරදකරුවකු බවට පත්වීමේ අවධානම පිළිබඳව ජ.වි.පෙ. නායකත්වය බියට පත්ව තිබේ.

දිට්වා සුළු කුණාටුවට අදාළව පෙර ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ද අනාගතයේ නඩු පැවරෙනු ඇතැයි ඔවුන් බියට පත්වී තිබේ.

‘‘මෙච්චර කල් මාව මතක් උණේවත් නෑ. කෙළවෙන කොට තමයි මුන්ට මාව මතක් වෙන්නේ“ යනුවෙන් පවසා ඇත්තේ නීතිඥ උපුල් කුමාරපේලිය. ඔහු එසේ තම මිතුරකුට පවසා ඇත්තේ ටිල්වින් සිල්වාගෙන් ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳව ය.

ජනප්‍රිය පුවත්  මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි! මේවට ඉඩ දෙන්න බෑ! - අස්ගිරි නාහිමි

රවිනු යාපා LankaUndergroundNews

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x