January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිගේ ජාතිවාදය!

1 min read

තෛපොංගල් සමරන්නට රටේ ජනාධිපති උතුරට සම්ප්‍රාප්ත විය. යාපනයේ සිට පොංගල් බත් කා, ජනතාව ඇමතූ ජනාධිපති තමන්ගේ පාලන කාලයේ අඩුවෙන්ම ජාතිවාදී හෝ ආගමික ගැටුම් පැවැති කාලය බව ආඩම්බරයෙන් කියා සිටියේ ය. එමෙන්ම, ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ කාලය තම පාලන කාලය බව ද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ජාතිවාදය ගැන පුරසාරම් දොඩවන්නේ උතුරට ගිය විටදී ය. ඔහුට අනුව, ජාතිවාදය යනු සිංහලයාගේ ජාතිවාදය යි. අන්‍ය ජාතීන්ගේ ජාතිවාදය ඔහුට ජාතිවාදය ලෙස පෙනෙන්නේ නැත.

යාපනය තිස්ස රජමහා විහාරය සතු ඉඩම් කොල්ලකන්නට වෙර දරණුයේ ජාතිවාදීන් නොවේ. උතුරේ බෞද්ධ පුරාවිද්‍යාත්මක නටබුන් අතර හින්දු ප්‍රතිමා තබා ඉතිහාසය මකන්නට හදන්නේ ජාතිවාදීන් නොවේ. මේ ඡායාරූපයේ දැක්වෙන, කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය දැක්වෙන පුවරුව ගලවන්නේ ජාතිවාදීන් නොවේ. යාපනයේ වෙසෙන අරුන් සිද්ධාර්ථන්ගේ කාර්යාලයට ගිනි තබන්නේ ජාතිවාදීන් නොවේ.

මේ ලැයිස්තුව තව ඔනෑ තරම් අපට දිගු කළ හැක. ඒ කිසිවක් ජාතිවාදී දේශපාලනය ලෙස නොදකින සිංහල බහුතර ජනතාවගේ ද ඡන්දයෙන් තේරීපත් වූ ජනපති සිංහල අලුත් අවුරුදු සමයේ හැංගී සිටීම ද ජාතිවාදී නොවේ. පොංගල් සැමරුවාට සිංහල අවුරුදු සමරන්නට හිතෙන් නැතිවීම ජාතිවාදී නොවේ.

ජනප්‍රිය පුවත්  හරිනිගේ ඇරිල්ල

මේ ජනපති දැනගත යුත්තේ සිංහල ජාතියේ ඔලුවට අත හෝදන එක තරම් ජාතිවාදයක් තවත් නැති බව ය. මේ රටේ ඉතිහාසය නිර්මාණය කළ ජාතිය, නයාට අඳුකොළ බවට පත්වී ඇති ජනපති තරම් ජාතිවාදියෙක් තව ඇත්තේ නැත. ඒ නිසා, ලොකුම ජාතිවාදියා අනුර කුමාර බව නොදන්නේ ඔහුම පමණි. ජාතිවාදියා ජාතිවාදය ගැන කතා කිරීම තරම් විහිලුවක් නොමැත්තේ එබැවිණි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x