October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපතිගේ පැමිණිල්ලට ”නෝ ඇක්ෂන්!”

1 min read

ප්‍රමිෂ්කා නැමැති කාන්තාව හා ජනාධිපති අනුර දිසානායක පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක තොරතුරු අනාවරණය වීමත් සමඟ, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥයකු, රහස් පොලීසිය හමුවේ ඊට අදාළව පැමිණිල්ලක් ගොනුකරන ලදී. එම පැමිණිල්ල මගින් අදාළ ප්‍රචාරය පිළිබඳව විමර්ශන කර වැරදි හා අසත්‍ය ප්‍රචාරයන් කරන අයට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනු ලැබුවේ ය. පැමිණිල්ල ඉදිරිපත් කළ ද මේ වන තුරු ඊට අදාලව කිසිදු විමර්ශනයක් රහස් පොලීසිය විසින් සිදුකර නැත.

ආන්දෝලනාත්මක පුවතට අදාළ වූ කාන්තාව (ප්‍රමිෂ්කා) බෝන් – අගේන් නැමැති ආගමික කල්ලියට අයත් කාන්තාවකි. ඇය සතුව රට පුරා හෝටල් පද්ධතියක් ද තිබේ. ජනාධිපතිවරයා කොළඹින් බැහැර ගිය පසු නතර වන්නේ මේ හෝටල්වල ය. ප්‍රමිෂ්කා ද ඒ අවස්ථාවන්හිදී අදාළ හෝටලය තුළ රැදී සිටී.

මෙවැනි පුවතක් පිළිබඳව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක් කළ විට කඩිනමින් ඊට අදාළව විමර්ශන සිදු කිරීමට CIDය කටයුතු කරනු ලබයි. නමුත්, මෙහිලා එවැන්නක් දක්නට නොවේ. පෙනෙන්නට ඇත්තේ නමට පැමිණිල්ලක් කිරීම හේතුකොටගෙන පරික්ෂණ නොකරන තත්වයකි.

පරීක්ෂණ නොකරන්නේ ප්‍රමිෂ්කාගේ කතාව ඇත්ත නිසා ද? පැමිණිල්ල දැම්මේ, නිකම්ම නිකන් පැමිණිල්ලක් හෝ දැමීමෙන්, ජනාධිපතිවරයා හා ප්‍රමිෂ්කා අදාළ පුවත සම්බන්ධව නිර්දෝෂී බව පෙන්වීමට ද? පරීක්ෂණ සිදු කළහොත්, වැඩේ ඇත්ත බව හෙළිවන බැවින් අදාළ පරීක්ෂණ නොකර සිටින්නේද? රටේ ජනාධිපතිවරයා වෙනුවෙන් දමන පැමිණිල්ලකට අදාළව පරීක්ෂණ නොකරන්නේ, පරීක්ෂණ නොකරන ලෙස ජනාධිපතිවරයාම නියෝග කර ඇති නිසා නොවේද?

පැමිණිල්ලට තුඩු දුන් ප්‍රචාරය පතුරවා හරිනි ලැබුවේ රනිල් වික්‍රමසිංහ හා මනූෂ නානායක්කාර බව ප්‍රමිෂ්කා ආදරනීය ජනාධිපතිට පවසා තිබේ. හිටපු ජනාධිපති රනිල්ව අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ ඊට ලබාදෙන දඬුවමක් ලෙසිණි. දැන් මනූෂ නානායක්කාර පසු පසු එළවන්නේ ද එම පළිගැනීමේ ක්‍රියාදාමයේ කොටසක් ලෙසිණි. ප්‍රමිෂ්කා කොයි තරම් බළවත් ද? ඇය හමුවේ ජනපති අනුර කොපමණ පුංචි ද?

පුවත අසත්‍යනම් පැමිණිල්ලට අදාළව පරීක්ෂණ සිදුකළ යුතු ය. එහෙත්, පැමිණිල්ලට අදාළව ”නෝ ඇක්ෂන්” ය.! එයින් කියවෙන්නේ ප්‍රමිෂ්කාගේ සහ ජනපතිගේ ”බ්‍රටික් ප්‍රේමය” ඇත්තක් බව ය.

කාවුරු කාට ”ලව්” කළ ද අපට ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වන්නේ එවැනි ”ලව්” ගැන ද්වේශසහගත කතා පවත්වා බලය ගත් නිර්ප්‍රභූ ”පොරවල්” බුටික් හොටෙල් තුළ පෙම් කෙළින විට, ”බෝන් – අගේන්” මෙහෙයුම ද ඵල දැරීමය. ”බෝන් – අගේන්” අදහන අගවිනිසුරුවරයකු පත් වූයේද ඒ අනුව ය.! ”ලව්” රටට ඉලව්වක් වන්නේ ඒ ආකාරයෙන් ය.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x