ගංජා හේන වටලා, මාලිමා මන්ත්‍රිගේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට!
1 min read
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර තමන්ට පහර දුන් බවට චෝදනා කළ සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වැරදි ලෙස බාධා කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
පසුගියදා මන්ත්‍රීවරයාට සම්බන්ධ ඉඩමක තිබී ගංජා පැල කිහිපයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ඇති වූ සිද්ධින් දාමයක් ප්‍රතිඵලයක් ලෙස මෙම කොස්තාපල් වරයා මන්ත්‍රීවරයාගේ පහරදීමක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගනිමින් පසුවූවා. සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ කොස්තාපල්වරයා යන දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් චෝදනා එල්ල කරනු ලැබු අතර අද දිනයේදී මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
