කැනේඩියානු දෙමළ කොංග්‍රසයෙන් මාලිමා රජයට ඉල්ලීම් රැසක්
1 min read
කැනේඩියානු දෙමළ කොංග්‍රසය ( www.canadiantamilcongress.ca ) නිල ලිපියක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය වෙත සුබ පැතුම් එක් කරයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්‍රහණයට ඔවුන් මෙසේ සුබ පතා තිබේ. එම ලිපිය මගින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය දෙමළ කැනේඩියානුවන් වෙනුවෙන් හෘදයාංගම සුබ පැතුම් පිරිනැමමින් සඳහන් කරන්නේ, පරිවර්තනීය පාලනයක් සඳහා වූ ජාතික ජන බලවේගයේ දැක්ම කෙරෙහි ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය පිළිබිඹු කිරීමක් ලෙස මෙම සුවිශේෂී ජනවරම පිළිගන්නා බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රමුඛත්වය දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට සහ දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අයිතීන් සුරැකීමට ජාතික ජන බලවේගය ඉදිරියේ ඇති ඓතිහාසික අවස්ථාව ඔවුන්ගේ ලිපිය මගින් ඉස්මතු කර ඇත. එම ලිපියේ, කැනේඩියානු දෙමළ කොංග්‍රසය පහත සඳහන් තීරණාත්මක ක්‍රියාමාර්ග යෝජනා කර තිබේ.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම:
සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වැදගත් පියවරක් ලෙස ඉතිරිව සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස කැනේඩියානු දෙමළ කොංග්‍රසය රජයෙන් ඉල්ලා සිටියි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA):
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සම්බන්ධ දිගුකාලීන අසාධාරණයන් අවධාරණය කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි මෙම පනත අවලංගු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
ඉඩම් හිමිකම් ප්‍රතිෂ්ඨාපනය:
දැනට හමුදාව විසින් අල්ලාගෙන සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් ආපසු ලබා දෙන ලෙසත්, නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් නැවැත්වීමටත්, විශ්වාසය නැවත ගොඩනඟා නීත්‍යානුකූල අයිතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් එම කොංග්‍රසය ඉල්ලා සිටියි.
ආගමික අයිතීන් ආරක්ෂා කිරීම:
දෙමළ ප්‍රජාවගේ සංස්කෘතික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා, දෙමළ ආගමික ස්ථාන ආක්‍රමණය කිරීම වැළැක්වීමට සහ ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නතර කරන ලෙස කැනේඩියානු දෙමළ කොංග්‍රසය රජයෙන් ඉල්ලා සිටියි.
13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ:
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කරන තුරු, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, ප්‍රාදේශීය නියෝජනය සහතික කිරීම සහ ප්‍රාදේශීය පාලනය බලගැන්වීම සඳහා කැනේඩියානු දෙම/ල කොංග්‍රසය අවධාරණය කරයි.
ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කිරීම:
උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා පැවැත්ම රටේ සෙසු ප්‍රදේශ සමඟ සමපාත කිරීමේ අවශ්‍යතාව සහ දේශීය ව්‍යාපාරවලට සහ ගොවීන්ට බාධා කරන ගොවිතැන් හා සත්කාර වැනි වාණිජ ව්‍යාපාරවල හමුදා මැදිහත්වීම නැවැත්වීමේ අවශ්‍යතාවය ලිපියෙන් අවධාරණය කර ඇත.
මෙම ක්‍රියාමාර්ග ජාතික ජන බලවේගයේ පොරොන්දු ඉටු කිරීමේ දී අවංකභාවය පෙන්නුම් කරනවා පමණක් නොව වඩාත් සාධාරණ සහ සියල්ලන් ඇතුළත් ශ්‍රී ලංකාවක් සඳහා අඩිතාලම දමනු ඇතැයි කැනේඩියානු දෙමළ කොංග්‍රසය සිය විශ්වාසය ප්‍රකාශ කරයි. ජාතික ජන බලවේගය වෙත පැවරී ඇති අතිමහත් ජනවරම සමඟින්, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සියලු ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා මෙම ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
ලිපිය කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ නිල වෙබ් අඩවියෙන් පහත සබැඳිය ඔස්සේ කියවා ගත හැකිය.
UNDERGROUND