March 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයේ ලෝක උරුම අඩවියකට හානි – UNESCO සංවිධානයේ කනස්සල්ල

1 min read

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට ‘Golestan Palace’ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානි සිදුවී ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මාලිගයට හානි සිදුවී ඇති බවට වාර්තා වීමත් සමඟ යුනෙස්කෝ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

16 වන සියවසේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සැලකෙන මෙම මාලිගය, ඉරාන සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයකි.

එමෙන්ම ජාත්‍යන්තර නීතියට අනුව මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මාලිගය ආසන්නයේ පිහිටි ටෙහෙරානයේ අර්ග් චතුරශ්‍රයේ ද ‘Arg Square’ පිපිරීමක් සිදුව ඇති බවය.

ගොලෙස්තාන් මාලිගය, කජාර් රාජවංශයේ ඉරාන රජවරුන්ගේ නිල නිවස ලෙස භාවිතා වූ අතර පසුව එය පහ්ලවි රාජවංශයේ නිල මූලස්ථානය බවට පත්ව ඇති බව සඳහන් වේ.

මාලිගයේ පවතින අතිවිශිෂ්ට කන්නාඩි වලින් කළ නිර්මාණ සහ පෞරාණික වීදුරු නිර්මාණ කම්පන තරංග හේතුවෙන් බිඳී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  MAS කම්හල් විදුලි ගාස්තු අඩු ඉන්දියාවට…මෙරට රැකියා 26 000ක් අනතුරේ!

යුදමය වාතාවරණය හමුවේ ඉතිහාසයේ මිල කළ නොහැකි මෙවැනි ස්මාරක අනතුරේ වැටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x