ඇ.ඩො. බිලියන 1ක වාහන ගෙන්වලා!
1 min read
2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා එ. ජනපද ඩොලර් මිලියන 1007.5ක (ඩො. බි. 1ක ) වියදමක් දරා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගෝස්තු විදේශීය අංශ ක්‍රියාකාරිත්ව වාර්තාවේහි මේ බව සඳහන්ව තිබේ. 2025 වසරේ එක් මාසයක් තුළ දී සිදු කර ඇති වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩො.මි. 255.7ක් වේ.
ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් සංචිතය ප්‍රමාණවත් වර්ධනයක් හිමි කරගෙන නැති තත්වයක් තුළ වාහන ආනයනයට මෙපමණ මුදලක් රටින් පිටතට යාම අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙයි.
මෙම වාහන සම්බන්දව බදු අය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් බැවින් එමගින් විදේශ විනිමය උපයා ගැනීමක් සිදුනොවේ. ඉදිරියේදී ජාත්‍යන්තර බැඳුම්කර ණය ඇතුළු බොහෝ විදේශ ණය ගෙවීමට ආරම්භ කිරීමත් සමඟ බරපතල විදේශ විනිමය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි එම විශේෂඥයෝ අවධාරණය කරයි.
-කමනි සමරසූරිය