අල්ලස් ලොක්කාට එරෙහිව අල්ලස් එකට පැමිණිල්ලක්!
1 min read
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට ඒරෙහිව ඒම කොමිසමට පැමැණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත්තේ රංග දිසානයක මහතා බැහැර ප්‍රදේශයක මහස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදී නියමිත චක්‍රලේඛවලට පටහැනිව ඔහුගේ පුත්‍රයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙනි.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර නිශ්ශංක නමැති අයකු විසින් පසුගිය දා මෙම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට ඉදිරිපත් කර තිබේ.
රංග දිසානායක මහතා හෝමාගම ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී පුත්තලමට ස්ථාන මාරුවක් ලද බවත් ඒම අවස්ථාවේදී එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධනගේ සහයෝගය ලබාගනිමින් ඔහුගේ පුත්‍රයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇති බවත්, මෙය බැලූ බැල්මට දූෂණයක් බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ. එමෙන්ම මෙම කටයුත්ත ඉටු කර ගැනීම සඳහා රංග දිසානායක විනිසුරුවරයා සහය ලබාගෙන ඇත්තේ එවකට අමාත්‍යවරයකුව සිටි මනූෂ නානායක්කාරගෙන් බවද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
තිලක් කාරියවසම් underground වාර්තාකරු
